ජපන් භාෂා අධ්‍යාපනය සහ ශ්‍රී ලාංකික සිසුන්

by | අප්‍රේල් 19, 2022 | අධ්යාපන | 0 comments

Vindi Samarakoon

Vindi Samarakoon

Author

ජපානය ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන රටකි. හොන්ෂු, ක්යූෂු, ෂිකොකු හොක්කයිදෝ යන ප්‍රධාන දූපත් හතර ඇතුලුව තවත් දූපත් 4000ක පමණ එකතුවෙන් සෑදී ඇති ජපානයේ වර්තමාන අගනුවර වනුයේ තෝක්යෝවයි. නාමික අධිරාජ්‍යයෙකු සිටින, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් විසින් ජපානය පාලනය කරනු ලබයි. ආසියාතික රටක් වන ජපානය වර්තමානයේ ලෝකයේ ඇති දියුණුතම රටවලින් එකකි. කෘෂිකාර්මික අංශයෙන්ද තාක්ෂණික අංශයෙන්ද ඉතාම පොහොසත් රටක් වන ජපානයේ මිනිසුන්ද ඉතා ඉහල ගුණාංගයන්ගෙන් යුක්ත වන නීතිගරුක පුද්ගලයන් වේ. එමෙන්ම සාක්ෂරතාවය අතින්ද ආසියාවේ දෙවන ස්ථානය හිමි වන්නේ ජපානයට ය. අධ්‍යාපනය, ක්‍රීඩා, සෞඛ්‍ය, ප්‍රවාහනය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් ඉතා උසස් මට්ටමක පවතින ජපානය ඉතා සුව පහසු ජීවන රටාවක් ගෙනයා හැකි රටක් වේ. ජපන් භාෂාව ප්‍රධාන භාෂාව වන ජපානයේ බහුතරයක් දෙනා බෞද්ධ, ෂින්තෝ සහ ක්‍රිස්තියානි ආගම අදහන පුද්ගලයන් වේ. එමෙන්ම ජපන් ජාතිකයන් ගේ ප්‍රධාන ආහාය බත් වන අතර විශාල වශයෙන් මුහුදු ආහාර ආහාරයට ගැනීමට ප්‍රිය කරයි. මීට අමතරව සුප් වර්ග, නූඩ්ල්ස් වර්ගද වර්තමානය වන විට බටහිර පන්නයේ ආහාරද ජපන් ජාතිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වේ.

asia.nikkei.com

තවද, ජපානයේ කාලගුණයද ඉතා සෞම්‍ය වන අතර මාර්තු මාසයෙන් වසන්ත කාලය ආරම්භ වන අතර එම කාලයට සකුරා මල් පිපී මුළු ජපානයම රෝස  පැහැයෙන් හැඩ වේ. මෙම කාලය පාසල්, විශ්වවිද්‍යාල ආදියේ නව වසරට නව වාර ආරම්භ වන සමය වන අතර ඇතුලත්වීමේ විභාග පැවැත්වෙන කාලය වේ. වසන්ත කාලයෙන් පසු පිලිවෙලින් ජූනි, ජූලි, අගෝස්තු මාස වල ග්‍රීෂ්ම කාලයද සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාස වල සරත් කාලයද දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාස වල ශිත කාලයද වේ. (ජපානය ඉහල සිට පහලට සිහින් දිගටි හැඩයකින් යුතු රටක් වන බැවින් මෙම කාල වකවානු වල පළාත් අනුව වෙනස්කම් සිදුවිය හැක.)

වර්තමානය වන විට කාර්මික අංශයේ විශාල දියුණුවක් ලබා ඇති ජපානයට අද වන විට ලොව පුර ප්‍රසිද්ධ වාහන සහ විදුලි උපාංග සන්නාම රැසක අයිතිය ඇත. එමෙන්ම ඉහල වැටුප් ඇතුළු තවත් බොහෝ පහසුකම් මෙම සමාගම් වල සේවය කරන සේවකයන්ට හිමි වන අතර වර්තමානය වන විට බොහෝ රටවල ශ්‍රමිකයන් මෙම කර්මාන්තශාලා වලට සේවයට යාමේ නැඹුරුවක් ඇත.

එමෙන්ම ශිෂ්‍ය වීසා පදනම මත ජපානයේ අධ්‍යාපනයට යාම වර්තමානයේ  බොහෝ රටවල රැල්ලක් වී ඇත. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් වාර්තාමය වන විට විවිධ භාෂා ඉගෙන ගැනීමට වයස් භේදයකින් තොරව විශාල නැඹුරුවක් දක්වයි. ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලාංකික පාසල් වල විෂය නිර්දේශයට විදේශ භාෂා කීපයක්ම අන්තර්ගත වී ඇත. ඒ අනුව, ජපන් භාෂාව, චීන භාෂාව, කොරියන් භාෂාව, හින්දි භාෂාව වැනි පෙරදිග භාෂාද ජර්මන් භාෂාව, ප්‍රංශ භාෂාව, රුසියන් භාෂාව වැනි බටහිර භාෂාවන්ද ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශයට ඇතුලත් වේ. රජයේ පාසල් වල මෙම විදේශ භාෂා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා හදාරා අදාල භාෂාවට අදාලව රජයේ විශ්වවිද්‍යාලයකින් විශේෂවේදී උපාදියක් ලබාගැනීම දක්වා පහසුකම් වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ඇත. තවද ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසල් වලින්ද කුඩා කල සිටම විවිධ විදේශ භාෂා ඉගෙන ගැනීමේ පහසුකම වර්තමානය වන විට ඇත. මෙම භාශා අතරින් වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව ජපන් භාෂාව හැදෑරීමට විශාල නැඹුරුවක් පවතී. වසරක විශාල සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවේ උසස් පෙළ සඳහා ජපන් භාෂාව හදාරන අතර එයින් සැලකිය යුතු පිරිසක් ජපන් භාෂා උපාධියක් හැදෑරීමට විශිවවිද්යාල ප්‍රවේශයට හිමිකම් කියයි. ඔබට ජපන් භාෂා උපාධියක් හැදෑරීමට අවස්තාව උදාවුවහොත් ඒ හරහා ඔබට විශාල වරප්‍රසාද ප්‍රමාණයක් හිමි වේ. ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන් සඳහා පිරිනමන “මොම්බුකගකුෂෝ” ශිෂ්‍යත්වය ප්‍රධාන වේ. මෙහිදී විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගන්නා සිසුන් කිහිප දෙනෙකුට වසරක කාලයක් ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි වේ. ජපන් පදනම මගින් වාර්ෂිකව, වසරකට දෙවරක් පවත්වනු ලබන ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT) ශ්‍රී ලංකාවේද දැනට වසර ගණනාවක සිට ඉතාම සාර්ථකව පවත්වනු ලබයි. මෙම විභාගය ජූලි මාසයේ සහ දෙසැම්බර් මාසයේ පවත්වනු ලබන අතර වසරින් වසර මෙයට පෙනීසිටින සිසුන්ගේ පැහැදිලි ඉහල යාමක්ද දක්නට ලැබේ. මීට අමතරව ජපන් භාෂාව සඳහා වන  NAT විභාගයද වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වන අතර ජපානයට යාමට බලාපොරොත්තු වන බොහෝ දෙනා මෙම විභාගයට පෙනී සිටියි. NAT විභාගය වසරකට සය වතාවක් පවත්වනු ලබයි.

එමෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ජපන් භාෂාව හදාරා ජපානයේ අධ්‍යාපනයට සහ රැකියා වලට යාමේ රැල්ලක් නිර්මාණය වී ඇත. මෙයට ශ්‍රී ලංකා රජයෙන්ද විශාල දායකත්වයක් ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපන් රජය සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් යටතේ පවත්වනු ලබන පඨමලාවක් මගින් ශ්‍රී ලාංකික සිසුන්ට ජපන් භාෂා අධ්‍යාපනය හා කාර්මික පුහුණුව ලබාදී ජපානයේ රැකියා සඳහා යොමු කිරීම දැනට සාර්ථකව සිදු වෙමින් පවතී. ඒ නුව මෙම පඨමාලාව හරහා දැනට බොහෝ තරුණ පිරිසක් ජපානයේ රැකියා සඳහා පිටත්ව ඇත. 

තවද, තම පෞද්ගලික මුදලින් ජපානයට යාමට බලපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට වඩාත් පහසුම ක්‍රමය වනුයේ ශිෂ්‍ය විසා පදනම මත ජපානයේ අධ්‍යාපනයට යාමයි. ඒ අනුව ඔබ සුදුසු විශ්වාසවන්ත ඒජන්තවරයෙකු තෝරාගෙන JLPT හෝ NAT විභාගය සමත් වී ජපානයේ පාසලකට අයදුම් කලයුතුවේ. එවිට ඔබව සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගෙන ජපානයේ අධ්‍යාපනය සඳහා ජපානයට යවනු ලැබේ. ජපානයේ අධ්‍යාපනයට යාමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම අයෙකුට, කුමන අංශයකින් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වුවත් පළමුව භාෂා පාසලක වසරක කාලයක් ජපන් භාෂාව හැදෑරිය යුතු අතර ඉන් පසුව ඔබ අධ්‍යයනයට තොර ගන්න විෂය පථය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට යොමු කරනු ලැබේ. අධ්‍යාපනයෙන් පසු කාර්මික පුහුණුව සමග ජපානයේ රැකියාවක නිරත වීමටද අවස්ථාව උදාවේ.

ඒ අනුව මෙම තත්වය මත වර්තමානය වන විට විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් අධ්‍යාපනයට සහ රැකියා සඳහා ජපානයට යාමේ විශාල ප්‍රවනතාවයක් දැකිය හැකිය. මෙලෙස ශ්‍රී ලංකාවේ තරුණ පිරිස විශාල වශයෙන් විදෙස් ගත වීම පිලිබඳ විවිධ පුද්ගලයන් විවිධ මත දරනු ඇත. රටක බුද්ධි ගලනය එම රටට හිතකර නොවන බව බොහෝ දෙනා පවසනු ලැබුවද මාගේ මතය නම් කෙනෙකුට තමන්ගේ අනාගතය ගොඩනගා ගැනීමට යම් මාර්ගයක දොරටු විවවරවන්නේද එම මාර්ගය තොර ගැනීම යහපත් තත්වයක් ලේසය. මන්ද රටට සේවය කිරීමට පළමුව තමන් ස්ථාවර මට්ටමක සිටිය යුතුය. තවද ශ්‍රී ලංකාවේ පෙර තත්වය දෙස බැලුවහොත් රටේ තරුණ පිරිසට මෙවැනි වටිනා අවස්ථා තිබුනේ නැති තරම්ය. එමෙන්ම ඔවුන්ව නිවැරදි මාර්ගයන්ට යොමු කිරීමට පහසුකම් හෝ දැනුමක්ද රට තුල නොවිය. නමුත් වර්තමානය වන විට තරුණ පරපුර පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා විරහිත වීම බොහෝ සෙයින් අවම වී ඇත. මගේ අත්දැකීම් අනුව වර්තමානය වන විට විදේශ අද්‍යාපනය හැදෑරීමට ජපානය වැනි රටවලට යන සිසු පිරිසෙහි වැඩි වීමක් දැකිය හැක. ඒ අනුව සිසුන් මේ ආකාරයේ පාඨමාලා හැදෑරීමට වැඩි නැඹුරුවක් දක්වන බව පෙනේ. තවද ජපානය වැනි අපේ සංස්කෘතියට සමාන සංස්කෘතියක් ඇති යහපත් ගුණාංග වලින් හෙබි පුද්ගලයන් ජීවත් වන, සෑම අතින්ම ඉතා සුවපහසු ජීවිතයක් ගත කල හැකි රටකට යාමට අවස්ථාව මේ අයුරින් ශ්‍රී ලාංකිකයන් වන අපට උදාවී තිබීම පිළිබඳව අපට සැබවින්ම සතුට වියහැක.

SEO SCORE %

9 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

1.07

Visitors liked the post