ලංකාවටම ආයත් ආවෙනික වු ගිත සාහිතයක් අපෙ වාසනාවට අපට ලැබි ඇත වර්තමානය වන විට අපෙ සංගිතය බටහිර පන්නයට යාමේ ප්‍රවනතාවක් ඇතයි මට සිතෙනවා එය අපෙ ලංකා කාලා නිර්මාණයන්ගෙ හොදට හෝ නරකටත් වෙන්න පුලුවන් දෙයක්.එවගෙම අප බුද්ධි මට්ටම අනුව එක එක මිනුම් දඩු ඔස්සෙ තිරිනය එලැබිමට ඔබට මට හැකියාව ඇත. කෙසෙවෙතත් අද මා ලියන්න හදන්නෙ හෙලයෙ මාහා යුග පුරුශයකු ලෙස සදහන් කල හැකි අපෙ ගීත සාහිත්‍යයෙ තවත් එක් අප හදවත් වල නොමැකෙන මහත්මාගුණ ඇති මහතයකුගෙ ගිත කිපයක් ගැනයි.එතුමා තමා මෙ මැතකදි අප අතරින් වියො වු මාහාචාර්‍ය සංගිත් නිපුන් සනත් නන්දසිරි මහත්මයායි.
මචාර්‍ය සනත් නන්දසිරි මහත්මයා උපත ලද්දෙ 1945 වර්ශයෙ පෙබරවාරි මාසයෙ 15 දින වන අතර එතුමා සංගිත කලාවට, ගිත නිර්මාණ බොහෝ ප්‍රමානයක් දායාද කරදි අතර එතුමා සංගිත අධ්‍යක්ශන්‍යෙන්ද, තනු නිර්මාණයෙන්ද,ගිත ගායෙනයෙන්ද මෙ කලාව ශක්තිමත් කර තිබෙනවා,කාලා කාරයෙකු වගෙම ආචාර්‍ය්වරයකුගෙ චරිත නිරුපනය කරමින්.සනත් නන්දසිරි මහත්මයා ගයන බොහො ගිතවලට සමහර සිදුවිම් හෙතුපාදක වි තිබෙනවා මා අද මෙ ලිපිය ලියන්නෙ එහෙව් ගිතවලට හෙතු පාදක වු ගිත කිපයක් ගැන.
පලමුවෙන්ම මා ඉදිරිපත් කරන්නෙ මාහාචාර්‍ය සංගිත් නිපුන් සනත් නන්දසිරි මහත්මයාගෙ අප හදවත් තුල නොමියන ගිතයක් ගැන එ තමයි එදා මෙදා තුර කදුලට විවරවු ගිතය.ගිතය ගැන යමක් සදහන් කිරිමට මත්තෙන් අප ගිතයෙ පදවැල් ටික බලමු.
එදා මෙදා තුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා
දැස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමැයි ඒ සුවඳින්
එදා මෙදාතුර කඳුළට විවරවු…
දෑස් පියන්පත් කවුළු වසා දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා…
ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළය
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලොකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
එදා මෙදා තුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
මෙම ගිතය එදා මෙදා තුරම වැඩිහිටි යොවුවන අපගෙ සැමගෙම හදවතට කිදා බැස්ස ගිතයක් මොකද මෙ ගිතයෙ පැල පදියන් වු දුක ,දුක නොමැති කෙනෙක්ටත් එ මොහොතෙ වෙදනාවක් ඇති වෙනවාට සැකයක් නැ එතරමටම එ ගිතයෙ ඇතුලෙ ජිවි බවක් තියෙනවා.කෙසෙවෙතත් මෙ ගිතයට හෙතු පාදක වි ඇත්තෙ සත්‍ය කතාවක් .එකතරා ප්‍රෙම වන්තයකුයි ප්‍රෙම වන්තියකුගෙ ප්‍රෙමයට අත්වු සොචනිය ඉරනම තමා මෙහෙ අඩංගු වෙලාතියෙන්නෙ.මෙ දෙදෙනාගෙ ප්‍රෙමයට ගැහැනු ළමයාගෙ පැත්තෙන් අකමැත්තිවෙලා ටික කාලායක් දෙදෙනාටම වෙන්විමට සිද්දවුන් අතර ටික කාලයක් ඔහොම යනවිට එක්තරා දවසක් ප්‍රෙම වන්තයාට ටෙලිග්‍රැම් එකක් එනවා ගැහැනු ළමයාගෙ තාත්තාගෙන් තම නිවසට පැමිනෙන ලෙස් ලියා.ප්‍රෙම වන්තයත් එම ටෙලිග්‍රැමයට ප්‍රතිචාර වශ්‍යෙන් ගැහැනු ලමයගෙ නිවසට යන විට ගැහැනු ළමයා ජිවිතෙ නැති කරගෙන.මෙ සිදුවිම අලලාම ප්‍රෙම වන්තයාම තම ආදරයට අත් වු ඉරනම ගැන් වෙදානාවෙන්ම මේ වචන රචනා කරලා මාහාචාර්‍ය සනත් නන්දසිරි මහත්යා අතටම ලබාදි තිබෙනවා.එතුමා විසින්ම සංගිතය යොදවා මෙ ගිතය එතුමා විසින්ම ගායනා කරනවා.
මා මිලගට තොරා පත් ගිතය ගැන කතා කිරිමට මත්තෙන් අපි ගිතයෙ පද ගැලපුම බලමු
බෝ මලුවේ මල් සුවදක පැටලී
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ…..
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ….
දං බෝවිටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලගට සැනින්….
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ……
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ……
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා…..
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා……
මෙ ගිතයත් , ගිතය පුරාවටම අපි හැමොම සවේදි කරනවා. එතරම් මෙ ගිතය වචන වගෙම සංගීතයත් සංවේදිකරනවා.මෙ ගිතයටත් හෙතු පාදක වු සිද්දියක් එතුමා එකතරා රුපවාහිනි වැඩසටහන සදහන් කර තිබුනා.මෙ ගිතය එතුමා ප්‍රියානන්ද විජේසුන්දර මහතාට කියා රචනා කොට ඇත්තෙ එකතරා දවසක රැක එතුමා කුලියාපිටියෙදි පොඩි හාමුදුරු නමක් හුලුඅත්තක් දල්වාගෙන(ටොච් එක වෙනුවට බාවිතා දෙයක්) තනියම පාරෙ යන ගමන් ඉදලා තිබෙනවා ඉතින් එතුමා වාහනය හමුදුරුවො ලගින් නවත්තලා හාමුදුරුවන්ගෙන් අහලා තියනවා කොහෙද හාමුදුරුවනෙ ගියෙ කියලා හාමුදුරුවො කියලා තියනවා අම්මව බලන්න ගියෙ කියල ඉට පස්සෙ එතුමා අහලා තියනවා පන්සලට ලගද තියෙන්නෙ පන්සලට ගිහින් ඇරලවන්නද කියලා එවිට හාමුදුරුවො ඔන්නැ කියලා යන්න ගිහින් මෙ සිදුවු හෙතුව මත එතුමාට ගිතයක් කරන්න අවශ්‍ය වෙලා තිබෙනවා.
එවගෙම තමා මේ ගිතයෙ අන්තිම පැදි කොටස ගැන මා වදනක් ලියයුතුමය මොකද මෙ ගිතයෙ සත්‍යය තියෙන්නෙ එතන කියා මට සිතෙනවා
මෙ කොටසෙ කියවෙන්නෙ පොඩි හාමුදුරු නමක් විලස හරිතවරිගයම සංසාරෙන් එතර කරාට පසු අම්මා ලගට වෙලා ඉන්නම් කියලා ඉතින් එහෙම අම්මා ලග ඉන්නෙ කොහොමද හතරවරිගයම ඇතුලෙ අම්මා ඉන්න නිසා.මගෙ හිතටම මෙ පැදිපෙලි කිහිපය ගැන තියෙන්නෙ හරිම සවේදි හැගිමක්.පුංචිකාලෙම සසුන් ගතවෙනවා කියන්නෙ ලොකු පිංකාර කමක් වගෙම දෙමාපියන්ගෙ පැත්තෙන් බලනවිට දුකක්.ඉතින් අම්මගෙන් වෙන්විම තරම් ළමයිට දුකක් කොහෙවත් නැ.
භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ……
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ……
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා…..
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා……
සනත් නන්දසිරි මහත්මාගෙ ගොඩක් ගිතවලට පාදක කරගත්තෙ මා කලින් සදහන් කරපරිදි යම් සිදුවිම් වස්තුබිජ කරගෙන වගෙම සමහර ගිත තනු ඔස්සෙ එ ගිත තනු වලට සජිවී බවක් එකතු කරගෙනය.උදාහරන වශයෙන් ඇවුලුනු ගිනිදැල් ගිතය,නෙතු පෙලා රවටලා ගිතය, මල් පෙත්තක පන් හිදකින් ආදරය ලියලා ගිතය වැනි ගිතයන්.
අවසාන වශයෙන් මා සදහන් කරන්න කැමතියි ගිත වල පදරචනා විවිද සිදුවිම් වලට පාදක වි ලියවි තිබුනත්, තනු නිර්මාණ ඔස්සෙ ගිතවල පද වැල් ලියවුනත් , ප්‍රෙක්ශකයා විසින් ගිතය රසවිදනය කිරිමෙන් ගිතයට ලබා දෙන අදහස සහ ගිතයෙන් මනසෙ අදැගන්නා කතාව මවා ගන්නා ප්‍රතිරුපය හරිම වෙනස්. එවගෙම එක නිර්මාණශිලි දෙයක් කියලා මට හිතෙනවා සමහර වෙලාවට ගිතය ලියන ලද පුද්ගලයාත් මවිත වෙන තරම්. එතරම්ම ගිතය දැතුලෙ ඉදන් අපට දැනෙන දෙ හැගිම් ප්‍රබලයි. මෙ ගැන සිතිම ඔබට ද බාර කරමින් මෙ ලිපිය ලියා අවසන් කරමි.