ගීතයක් කියන්නෙම මිනිස්සුවන අප හැමොගෙම මනස සුවපත් කරන දිව්‍ය ඖෂදයක්. එවගෙ තමයි ගිතයක සංගිතයත් . ඇත්තටම රචකයා විසින් රචනා කරන පදවැල් වලට නව පනක් දෙන්නෙ සංගිතන්ඥයන් වගෙම ගායනවෙදින්ය.ඉතින් මා අද කතා කරන්න යන්නෙ එහෙවි පදරචනයකට නව පනක් දුන්න ගිතයක් ගැනයි.මෙම ගිතය ගැන මුලින්ම කතා කරනවට වඩා එම ගිතයෙ වචන ට්ක බලමු.පහත දැක් වෙන්නෙ එම ගිතයයි.
තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රැ දවල් දෙකෙ වෙහෙසන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනෙවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්
බැතිබර හැගුම් දනවන නුබගෙ සුවද
අත දරු පුතුගෙ මුව කමලෙ ඇත නිබද
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිබින සද
ගායනය- පණ්ඩිත් අමරදෙවයන්
පද රචනය-සුනිල් ආරියරත්නයන්
සංගීතය – රොහණ විරසිංහයන්
මම පෙර සදහන් කෙරු ලෙසටම මෙම ගිතයෙ ජිවි ගතියක් තියන ගිතයක් මොකද මෙ ගිතයෙ සෑම වචනක් වචනයක් පාසාම හැගිම් කැටිකොට ලියවිලා තියන ගිතයක් මොකද එ තරම්ම මෙම ගිතය ප්‍රබල රසාස්වදයකින් යුක්තව අපෙ හදවත්වලට බැදිලා තියෙන්නෙ.
මෙම ගිතයෙ මුලිකව ලියවිලා තියෙන්නෙත් ස්වාමිපුරුෂයකු ලෙස ඔහු තම බිරීදට දක්වන සෙනෙහෙ බර හැගිම වගෙම මවක් ලෙස බිරිදක් ලෙස ඇය දරන වගකිම් ප්‍රමානය කැපකරන කැපවිම ප්‍රමානාය සුනිල් ආරියරත්නයන් මනාසෙ අප හදවත් වලට කාවද්න ලෙස එම වචන ලියලා තියනවා.
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිබින සද
මෙ ගිතයෙ සංවෙදිම කොටස ලෙස මා දකින්නෙ මෙම පද පෙලි දෙක මොකද ස්වාමිපුරුෂයකු ලෙස තමන්ගෙ බිරිදටත් වඩා එහා ගිය තම මවට සමාන කරන තරම්ම එ හැගිම ප්‍රබලව මෙ ගිතයෙ ලියවිලා තියෙනවා. ඉතින් මෙම ගීතයෙ සැම වචනයකම ආදරනියය එ නිසාම තමයි අපෙ හදවත්වලට සමිපය.
මෙම ලිපිය අවසාන කරන්න මත්තෙන් මා කැමතියි ස්තුතිය පුදකරන්න ගිතය රචනා කරන ලද ආචාර්‍ය සුනිල් ආරියරත්නයන්හටත් පදවැලක් ලෙස ඇමුනුනු වචන ටික අප හදවත් සංවෙදි කරන්නට සංගිතය නිර්මානය කල ආචාර්‍ය රොහණ විරසිංහයන්හටත් අපෙ හදවත් සියුම් තැන් ස්පර්ෂ කරන්නට ගායනාකල ආචාර්‍ය පන්ඩිත් අමරදෙවයන්හටත්. මොකද මෙ ගිතය එ තරම්ම සම්පතක් අපෙ ගිත සාහිත්‍යයෙ.