තමන්ගෙ යයි කියා කිසිවෙක්ම නැති
අම්මගෙ බත් පත තරම් කිසිවක් රසක් නැති
උදේ හවස පෙම් බැදි ඉරනමක හැටි
ගෙදරක් නොවු , ගෙදරක් කොළඹ ඇති
දවසින් දවස ගෙවෙනා කාලයක් ඇති
පතනා පැතුම් දන්නා තව කෙනෙකු නැති
නිදි නැති රැයයන් ගත කෙරු සැටියක් යහන දනි
මා ගෙවෙනා ජිවිතයක් කොළඹ දනි
දුක් කම් කටලු ඉවසා ඉද දරා ඉමි
යනෙනා මග තොටත් මිහිරැති කලෙක වෙමි
සිහිනෙකුදු නොසිතු ඉරනමක හැටි
රිදි ඉරක් පායන තුරු බලා ඉමි
නැත කිසිවෙක් ගම මෙන් ඔපය සොයනා
නිදහස් කමක් ඇත මට නම් නිම නොවනා
ජිවන අරගලය මැද ජිවිත ගෙවෙනා
දුකක් වුනත් මට සැපතක් ව් මෙහි පෙනෙනා