කෙනෙක් ගේ ජීවිතේ වටපිටාව වෙනස් උනාම කොච්චර දේවල අලුතින් ඉගෙනගන්න පුලවන්ද? ඔබත් වෙනස් වන පරිසරයකට විශේෂත්වයක් නැතිව ඔබේ සිත ඒ පරිසරයට විවුර්තද? හිස් සිතින්, හිස් අහස වගේම සැහැල්ලුයි. මමත් විදීමත්ව ඉගෙනගන්න, ඉපදිච්ච පරිසරය සම්පුර්ණයෙන් වෙනස් කරල, බොහෝ දේ ඉගෙන ගත්තා.
රුප අපි කොතරම්ම මුලා කරනවද? රූපවලින් නම් මන් හිතුවේ ඉපදිච්ච වගේම පරිසරයකට මම යනවා කියලා. නමුත් පින්තුර, වායු සමීකරණ කොච්චර අපිව මුලා කරනවද? පළමු හුලන් පාර වදින තැන ඉඳන්, මට දැනුනු දේ ගැන සැසදීමක් සමග මට සිතුනු දේ කියන්න.
මේ වෙනස නිසා මට හැගිච්ච දෙයක් තමයි, ලොකු සාගරයක් මැද තියෙන දුපතක්, ඒ කලාපෙම තියෙන ලොකු මහාද්වීපයකට වඩා වලාකුළු හැදීම අතින් කොච්චර වෙනස් වෙනවද? එත් එක්කම් විෂම හැඩයෙන් යුතු කඳු පන්ති ලස්සනක් විතරද ගේන්නේ. ඒවා කොච්චර වලාකුළු නවත්තන් කදු කරේට වැසි ලබදෙනවද ?
ඉර ගමන් කලත් නැතත් , අපිට පෙන විදියට හිතුවත්, සමකයට ළඟ මවු රට ලංකාවට සුර්යයාගේ ගමන් මාර්ගයේ වෙනස් වීම අවමයි. නමුත් සමකයෙන් දුරස් වෙන්න, උත්තර අර්ධගෝලයට ජුනි ජුලි මාස වලදී සහ දක්ෂිණ ආරාධගෝලයට ජනවාරි සහ දෙසැම්බර් වළදී සුර්යයයට ඇති දුර අඩුයි. ගිනි ගොඩක් ගැහුවම වාතය යන විදිය නොපෙනුනත් අපිට පිළිස්සුනු සැහැල්ලු කොටස් උඩයන විදියට, වාතය ගමන් කරන්නේ කොහේ ඉදන් කොහෙට කියල ඔබටත් දකින දේ මගින් සිතන්න පුළුවන්. කොහෙද උණුසුම් වැඩි අඩු කියල උපකල්පනය කරන්න පුලවන්.
ඉතින් මේ සුර්යයා ලං උනාම ඒ පැත්තේ ව්යු ධාරා උණුසුම් වෙලා චලන වෙන එක වැඩි වෙනවා. අනිත් පති වලින් සිතල වාතය ඒ පැති වලට ගහන්ගෙන එනවා. ඉර අසන්න තැනුත් වෙනස් වෙන නිසා, මේ වාතය ගමන් කරන ක්‍රියාවලියත් එක කලාපයක සාපේක්ෂව ,අවුරුද්දම ඇතුලේ සම්පුර්ණයෙන් ප්‍රතිවිරුද්ධ වෙලා ආපහු සුපුරුදු දිශාවට එනවා. සමකාසන්න රටක වන ශ්‍රී ලංකාවටත් මේ නිර්තදිග ඊසානදිග විදියට මේ හුලන් රටාවේ වෙනස අත්විදින්නවා. උත්තර ද්ධ්‍රැවය,, දක්ෂණ ධ්‍රැවය ගැන හිතන්න අමාරුයි, නමුත්, ලෝකේ අනිත් තැනුත් මේ හුලන් වෙනස් ඇත දකිනවා ඇති.නමුත් ඒ එකම විදියටද ?
සමහර දුපත් ,සමහර රටවල් ලොකු සග්රවලට ලඟින් පිහිටලා, මේ සිතල වාත ප්‍රවහල වලට බාධා වෙන කඳු වැටි රටට වැසි ලැබීමට හේතු වන ලෙස පිහිටලා ජිවය පවත්වන්න බොහෝ පහසුකම් සපයලා. නමුත් සමහර රටවල එහෙම සොබවිකව කලකට විතරක් වැසි, විශාල ප්‍රදේශයකටම, ජෛව විවිදත්වය බොහෝ අඩුයි.
මන් මේ කියන පළාත සමකයට ආසන්න උනත් ලොකු බොහෝ දුරක් යනකම් බුමියේ උස බොහෝදුරට සමාන ලෝක මහ්විපයක කෙලවර තියෙන්නේ. අනිත් අතට මුදකට අසන්න උනත් එකේ එක දිගට යන මහා සාගරයක් නෙවේ . නොගබුරු මුදක් ටික දුරකින් අයෙත් ලොකු දුපත් තියෙන. ඉතින් මේ මුහුදෙන් ලොකු සිතල ජල වාෂ්ප කදම්බයක් හැමදාම මේ බුමිය පිරෙඅන්න ලබාදෙන්න එක මඳි.
මන් කලින් කිවුව සුර්යයාගේ මුදුන් වීම නිසා සුළඟ හමන දිශාව මේ ප්‍රදේශයේත් වෙනස් වෙනවා. ඉතින් එක කාලෙකට මේ ප්‍රදෙශය හරහා හමන්නේ මහාද්වීපය මැදින් ජලවාෂ්ප බින්දුවක් වත් නැතව දකුණ හෝ නැඟෙනහිරින් හමන වියලි සුලන්. අනෙත් කාලෙට නොගබුරු මුහුදේ උණුසුම් ජලවාෂ්ප වේගෙන් හමාගෙන යනවා, වැසි වසින්න කදු බාදක බොහෝ දුර තිබුනත් ඒවත් උස අඩුයි. මේ කාලෙට ජලවාෂ වැඩි නිසා ගස්වැල් වලට අනිත් කාලෙට වඩා කොළපාටින් තරමක් හැඩවෙන්න පුලවන්. නමුත් රාත්‍රී කාලෙ මුල් කොටසේත් මේ උණුසුම් ජලවාෂ්ප තමයි මුදෙන හමන්නේ.
කලකදී මේ බුමිය ඉහල අහස ජලවාෂප වලින් සම්පුර්න වෙනවා. නමුත් මේ උණුසුම් ජලවාෂ්ප රාත්‍රී කාලේදී ගොඩබිම ඉක්මනින් නොගබුරු මුදට සාපේක්ෂ සිසිල් වෙලා, විරුද්ධ සුළගක් සමග කැමති කැමති ප්‍රදේශ වලට ඈද හැලෙනවා. උෂ්නත වෙනස සමග ඇතිවන සුලන් දිශාව තමයි එක තීරණය කරන්නේ. තව තවත් ජාල වාෂ්ප වලින් පිරෙඅන්න මේ රටාව දවලතත් එනවා.නමුත් මේ වැස්ස මේ විශාල භූමියට හැලිලා පහත බිම් ඔස්සේ ගල ගිහින් ගංගා දිය පාරවල් වලින් ඉක්මනින් මුදට ඇදෙනවා. නැත්නම් වාෂ්ප වෙනවා. වාෂ්ප නොවෙන අඩු අවස්ථාවක් වෙනවා නම්, වැස්ස ගොඩක් ම ලැබෙන්නේ වයුල්ගොලේ කැලබිම නිසා.
ඔස්ත්ර්ලියාවේඋතුරු ප්රදේශය කොටසක සොබාවික ජල මුලාශ්‍ර gearjunkie.com (Natural water resoruces found in a part of nothern territory )
සමතලා බුමිය නිසා ගංගා වලට නම් අර මන් කලින් කියපු වැසි නැති කාලෙට මුදෙන ජලය ඇවිත් කිඋල් වෙලා පිරිලා වගේ තියෙන්නේ. වැසි කාලෙට සේරම වැහි වතුර නික්නම් මුදට ගලාගෙන යන්නේ මේ මාර්ග හරහා. භූමියේ පොඩි පොඩි විෂමතා නිසා මේ ගංගා අවට හැදිච්ච වගුරු බිම් තියනවා. පොඩි දිය පාරවල් නම් හොයා ගන්න වත් නෑ මේ වියලි කාලෙට. ඉර සාපේක්ෂ වෙනස් වීම අවුරුද්දක තුල එක වටයක් කරනවා නම්, මේ රටේ මේ වියලි කලේ මස හයක් උනත් දිගු වෙන්න පුළුවන්.
ඉතින් මේ පළාතේ ගස් වැල්, සතා සීපාවට නම් ජලය නිසාම පහසු කාලයකට පසු අනිවාර්යෙන් අපහසු කාලයක් එනවා. මිනිස් ජීවයේ දියුණුවට පහසු වූ ජලයේ වටිනාකම, දන්නා මිනිසුන ඉන්න පුලවන්. තෙත් කලාපයක පහසු දේශගුණයක උරුම වූ මිනිසුනට නම්, මේ ප්‍රදේශය වැසි වැටුනත් ෂේම බුමියක් නොවේ. මන්ද යත් ඔබ සිංහල කියවිය හැකි ඔබ ලාංකිකයෙක් නම් නටන ජාල බදුනක් ආශ්‍රිතව පහසුවෙන් ඉන්න පුලවන් ද? වැසි ඇති උවත් එම කාලයට වාතය මුදේ උණුසුම් ජලවාෂ්ප වලින් නිතර සංතෘප්ත වෙන නිසා නටන ජාල බදුනක් අසල සිටිනවා වැනිය. තවත් කලෙකදී ජලවාෂ්ප නොමැති හිස අහසින් සමකාසන්න නිසා දවලට රත් වීමටත්, රාත්‍රියට ජාල වාෂ්ප නොමැතිව ලෙස සිසිල් වේ.
හිස්වි ඇති අහස ගැන කතා කරන කොට වලාකුළු ගැන කතා නොකරන බැ. වලාකුළු හැදෙන්න ජලවස්හප ඕනේ වගේම හුළඟ ගැන හිතන්නේ නැතුව, බෑ ඒ ගැන කතා කරන්න.වියලි කාලෙට උතුරට බටහිරට හමන සුළග ගොඩක් වේගවත්. ඉතින් වලාකුළු නොරදෙන තරම්. මේ නිසා ඉර දුරින් පිහිටියත් වලාකුළු රහිත අහසින් හිරු එලිය පතිත වෙලා දහවල තවත් උණුසුම් සහ වියලි කරනවා. ඉතින් වියලි කලෙත් දිනක උෂ්ණත්ව වෙනස් සෙල්සියස් අංශක 10 කට වඩා හැමදාම වැඩියි. වැසිකලෙත් ඇගට දැනෙන උෂ්ණත්වය මේ වගේම දවස ඇතුලේ විචලනය වෙන්න.
ඔබට මේ කතාව ආගන්තුක උනත්ම, මට හිතෙනවා ජලවාශාප වලින් පිරුණු කතාව තරමක් දුරට යාපනේ මිනිසුන් අත්දකිනවා ඇති. නමුත් මට හැම තිස්සෙම මේ වන දේශගුණයක් ගත කරන කොට මතක් වෙන්නේ මුතුන් මිත්තෝ වැවු හදල කලේ වතුර එකතු කිරම පමණක් ම නොවේ කියලා. සොබාව දර්මයත් සමගම මින්සාගේ තුන් කල් ද්වුනුව ඔඋන් මොනවට හදුනගෙන තිබිල තියෙනවද?. එක මෝසම් වැස්සකින් පෝෂණය උණු මවු බිමේ වියලි කලාපේ ඔවුන් මිනිසාට සතුනට පමණක් නොවේ ගස් වැල් වලටත් පහසු වෙන්න පරිසරය අවම වසයෙන් වෙනස් කරල අපිට දීපු දේ වටිනාකම් ඔබට ලෝකයත ඔබ විසින්ම විවුර්ත වෙන කොට වැටහේවි. කොපමණ ජලවාෂ්ප වලින් පරිසරය තෘප්තිමත් කරල ඒ මගින් පරිසරයේ ජීවයේ පැවැත්මට ඔවුන් දායක උනාද?
ඒ කතාව එහෙම උනත් ඔබ විශවාස කරන්න ඕනේ මන් විස්තර කරපු කටුක පර්සරයත් මිනිස් ජීවය අවුරුදු දහස ගණනක් පැවතුනා. ඇත්තම පරිසරය අනුවර්ත උණු තවත් එක්තර සතෙක් වගේ. නමුත් ඔබට මට හැගුනු දැනුනු, එම පරිසරයත් සමඟ බද්ධව මිනිස් ජීවිත් කටයුතු පහසු කිරිමට කර ගැනීමට ඔවුන් උතසහ කල ද? එසේනම ඔවුන් ඒ දේ කල විදිය අනිත් ලෝකෙට වඩා ගොඩක් වෙනස් වෙන්නේ අයි ? ඒ විතරක් නොව ඔවුනගේ පරිසරය මේකට කොච්චර බලපෑමක් කල ද?අපි ගැන නැවත හරි බලන්න මේ දැනීම මට නම් බොහෝ උපකාර වුනා.
අපි බලමු මේ සුවිසේෂි මිනිස් කොටස ගැන සහ ඔවුන් ගැන දැනීම අපිට වැදගත් වෙන විදියන ඊළඟට කතා කරන්න. මේ එක් සමුගැනීමක්.