බඹරෙකු කවදා කරව කරුණකට අඩන්නද ?
සගවා රිදුම්, ලබමින් කුඩා සැනසුම්
කොහේ කොතැනක හඩන්නද ,
මලක් ළඟ මිස ,
රොන් පිරි මල් පිපුනේ ,
තව ගසක් , වැලක් වෙනුවෙන්,
බම්බරෙකුට බහ දී ,
යුතුකම් කරන්න ද ?
තාල, යුස උරා බි,
රිදුම් දුන් බඹරිදු,
එසේමයි සැම ?
මල් කියයි මල් ළඟ.
අයදිම වරදක් ද ?
බමබරෙකුට,
හැලි යන්නට නොදී
රොන් උරන්නට.
අදත් එදත්
මල් නොතලා
බඹරෙකු සිතයිද,
මල් නොවේ එය පිළිගැනීමට
නන් දෙසින් හමන තොරතුරු සුළගින්,
වැනෙමින් රැවටෙමින් පරවේ මල්,
වෙස් වලාගත දෙම්බරුන් ඉදිරියේ ,
මිග පල දෙමින්.
එනමුත්
අමාවේ මල් කොහේ හෝ ඇත.