ගමනාගමන අත්දැකීම් – Road Travel Change in Sri Lanka

by | මැයි 5, 2024 | අපේ දැක්ම | 0 comments

Kanchana Gunathilaka

Kanchana Gunathilaka

Author

මට හිතුණා මගේ කතාව ලියන්න මුලින්ම පටන් ගන්න හිතුවේ ළඟදිම මගේ මව්බිමට ලංකාවට ගියපු ගමනේ. උපන්දා ඉඳන් අවුරුදු විසිඅටක් හැදුණු තැන තමයි මම ජීවත් කරවන රටාව හදලා තිබ්බේ. මොකද මං ඉපදිච්ච දවසේ ඉඳන් ම තිබ්බ පරිසරයෙන් උකහා ගත දේවල් වලින්ම පෝෂණය වෙලා ගොඩනැගුනා කියල තමා මට හිතෙන්නේ. එතකොට කියන්න ඕනේ මම බොහෝ කාලයක් දිවුණු කියන රටක හැබැයි ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වෙලා වේ මම මීට මාස ේ එකා මාරකට විතර කලින් ලංකාවට ගියා.

ලෝකෙ වගේම ලංකාවත් කාලීන වෙනස් වෙනවා ලෝකයත් සමඟ බදධවෙලා තියෙන නිසා අපිට අපි කැමතියි දෙවල් ලංකා උනත් ඒ විදියටම තියෙයි කියලා හිතන්න බලාපොරොත්තු වෙන එක වැරදි දෙයක් විදියට මං දකින්නේ.

කොවිඩ් නිසා මිනිස්සුන්ගේ සංචරණය සීමා කරලා ඇඳුම් වැඩුණු පරිසරයෙන් ම අවුරුදු හතරක් විතර ඈත් වෙලා හිටියා.මාසෙකට විතර කලින් ඒ මිනිස්සු වෙනුවෙන් කාලය තියෙන මිනිස්සු ඉන්න රටට ගිහින් ආයි එන්න උනේ.

හැදුන වැදුනේ ලංකාවේ වාද්දුව කියන පළාතේ. ඒ ගියපු පාර මට හිතට දැනුනු දේවල් සහ ඒවට මං හිතන විදිහට හේතු වෙච්ච දේවල් පොඩ්ඩක් ලියලා තියන්න කියලා තමා මේ හදන්නේ.

කොයිතරම් මිනිස්සුන්ට අමාරුයි කියලා කිව්වත් මට නං පාරේ වාහන වල නම් ලොකු අඩුවක් දැනුනේ නෑ. හැබැයි එක වෙනසක් තේරුණා. ඒ තමයි ඉස්සරට වඩා ගොඩක් බයිසිකල් මෝටර් සයිකල් ත්‍රිවිල් වල ප්‍රමාණය විශේෂයෙන් අපේ ගම් පළාත්වල ගොඩක් පෞත්ගලික  වැඩි වෙලා ඉස්සරට වඩා මගීනට  ප්‍රවාහනය සපයන බස්රථවල ප්‍රමාණය අඩුවෙලාදත් කියලා හිතෙනවා. මට හිතෙන්නේ මිනිස්සු න් පොදු  ප්‍රවාහන සේවා අතහැරලා අඩු වියදමක් යන තමාගේම වාහනවලට මාරුවීමක් කියලා මම දකින්නේ.

හිතෙන්නේ පොදු  ප්‍රවාහන සේවයට ගෙවන මුදලට සරිලන පහසුකම් සහිත සේවාවක් ලබා දෙන්න ලංකාවේ නොහැකි වෙලා තියෙනවා. මේක දියුණුවමින් පවතින රටවල්වල සාමාන්‍ය දෙයක් කියලා හිතුවට මට හිතෙන්නේ දකුණු ආසියානු කලාපයේ තියෙන අනි ක් රටවල තියෙන අයහපත් ලක්ෂණයකට අපි ටික ටික ඇදෙමින් පවතිනවා කියලා.

අනිත් වාහන වලට සාපේක්ෂව මට හිතන විදියට අපේ අපේ ගමාවට තියෙන නගරවල ත්‍රිවිල් සහ යතුරුපැදිවල ගොඩක් විශාල වැඩිවීමක් වෙලා තියෙනවා කියලා මට හැඟුණේ. කොළඹට ආසන්න තියෙන නගරවල මට හිතෙන්නේ ජනගහනය ක්‍රමයෙන් වැඩිවෙන්නේ, ගම්බදව ඉන්න ජනතාව නගරයට සංක්‍රමණය වන නිසාද කොහෙද.

ඇත්තටම දැන් වාද්දුවට ගමක් කියලා කියන්න අමාරුයි.

අනිත් අතින් මම දැකපු ලොකුම වෙනස තමයි ඉස්සරට වඩා වාහනයක් අතුරු පාරක ඉඳන් ම පාරට දානකොට කොච්චර වෙනස් වෙලාද කියලා. නගරබදව දැන් ගොඩක් ත්‍රීවිල් වගේ වාහන ය පාරෙ අයිනේ ඉඩ තියෙනවා නම් කෙලින්ම ප්‍රධාන පාරට අත් ඇතුළු කරනවා. වාහන හිමින් ගමන් කරනවනම් මේක බොහොම සුලබයි සහ ප්‍රධාන පාරේ වාහන මේ සිදුවීම බලාපොරොත්තු වෙන්න වෙනවා. 

තනිවන් තීරු තියෙන නගරබද පාරවල්වල වල වාහන තදබදයක් තියෙනවා නම් හැම අවස්ථාවකදීම, මං තීරු දෙකම වාහන නොමැති වන අවස්ථාවක් එන්නෙම නැති තරම්. ඒ නිසා හැමෝටම වෙලා තියෙන්න පාර හරස් කරගෙන වාහනය පාරට ප්‍රධාන පාරට ම ඇතුළු කරගන්න. පිටරටක ජීවත් තැන කෙනෙක් මේ වගේ අවස්ථාවක ඉවසීමෙන් බලා සිටින්න පුරුදු වී සිටියත් ලංකාවේ සිටින ජනතාව මේ වන අවස්ථාවල ඉවසීමෙන් නොසිටින නිසා හැමෝටම ඒ අයුරින් හැඩ ගැසෙන්න වෙනවා. මාර්ග නීති වල සහ මාර්ගයේ තිබිය යුතු රැකවරණයෙන් අපි ටික ටික දුරස් වෙනවා කියලා තමා මට හිතෙන්නේ. 

මාර්ගවල රැකවරණය අතින් කිසිඳු ප්‍රමිතියකට අනුකූලව නොවන වැනි වාහන යක් ලංකාවේ මාර්ගවලින් තව දශක කිහිපයකටවත් ඉවත් කිරීමට නොහැකි තත්ත්වයක් ක්‍රමයෙන් උදාවී තිබෙනවා. යහපත් දෙයක් සමාජය කිරීමට බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් නම් හැකි සෑම අවස්ථාවකම මේවා භාවිතයෙන් ඉවත්ව සිටින ලෙස මා සේ ඉල්ලා සිටින්නේ එමගින් පොඩි පොඩි හෝ වෙනසක් පෞද්ගලිකව සිදුකළ හැකි නිසා

මා දුටු වාද්දුව ක්‍රමයෙන් ජනාකීර්ණ වුණත්, එයට සාපේක්ෂව කොළඹ අවට බොහෝම ජනාකීර්ණයි. පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් ම කොළඹට ගියපු දවසක මට අත්දකින්න වුණේ වාතය ඉස්සරටත් වඩා බොහෝම නරක අයුරින් දූෂණය වී ඇති බවක්. කලින් මා සඳහන් කළ පරිදි බොහෝ පිරිසක් තම පෞද්ගලික, වියදම් අඩු, බයිස්කෝලය වැනි වාහන භාවිතා කර කොළඹට පැමිණීම නිසා පෞද්ගලික වාහන වැඩිවීම මෙයට හේතුවක් යැයි සිතන්නට පුළුවන්.  බොහෝ ම බස් රථ ය මාසිකව ගානක් අයකර කොළඹාවට රැකියා කරන අයව මනාගමනය කිරීම බොහෝ වැඩි වී තිබෙන බව. 

කොළඹට පැමිණෙන වාහන වල න් ප්‍රමාණය වැඩිවීම මෙයට හේතුවක් කියලා කෙනෙක්ට දකින්න පුළුවන් උනාට, මට හිතෙනවා මෙයට තවත් කාරණා බලපානවා ඇති කියලා, විශේෂයෙන්ම ලංකාවට ආනයන කරන වාහන ඉන්ධන වල න් ප්‍රමිතිය ගැන මට ඇතිවන්නේ සැකයක්.

ගමනාමනය සිදුවී ඇති මෙම වෙනස්කම් විශේෂයෙන් තව වාහන තද බදයක්, ඇති අවස්ථාවලදී කොළඹාවට ධාවනයේදී මානසික පීඩනයක් ඇති කරනවා. එවැනි අවස්ථාව වැළකීම වගේම, එවැනි අවස්ථාවලදී ඔබ විටින් විට ගිමන් හැරීම යොදා ගන්න පුළුවන්. ලංකාවේදී නම් ඔබ සමඟ ගිමන් හැරීමට පොඩි සංවාදයක යෙදෙන්නට  තවමත් කෙනෙකු සොයාගන්න බොහෝ දුරට හැකිවේවි. ගම්බදව නං බොහෝ විට පුළුවන්.

අධිවේගී මාර්ගවල ප්‍රවාහනයට සහ බොහෝ පිරිසක් දැන් ඒවා අවබෝධයෙන් භාවිතයට යොමුවී තිබෙන බව දැක ගන්න පුළුවන්. අධිවේගී මාර්ග භාවිතයෙන් ම, කොළඹ පවතින මාර්ග තදබද මඟහැර ඔබගේ ගමනාන්තයට ලඟා වෙන්නත් බොහෝ අවස්ථා දැන් ලබාදී තිබෙනවා.මේ ඉතාමත්ම යහපත් වගේම google maps සේවය ප්‍රධාන පාරවල් වල  විශ්වාස වන්තව බවිත කරන්න පුලුවන්. විශේෂයෙන් උදේ රැකියාවට යන අවස්ථාව සහ රැකියාවෙන් අවසන් කරන විට, අධිවේගී මාර්ගයත් තරමක් අහනවල අධික වනවා නමුත්, එය සාමාන්‍ය පාරක ගමනා ගමනය තරම්, කොහෙත්ම වෙලා ගත වීම වගේම පීඩනයක් ඇති කරන්නේ නැහැ

අධිවේගී මාර්ගවල  ඇති නඩත්තු කටයුතු සහ තත්ව පරීක්ෂාවන් කළ අනාගතය පිළිබඳව නම් මට ලොකු විශ්වාසයක් නැහැ. එබැවින් අධිවේගී මාර්ගය භාවිතයේදී ඔබට තරමක සැලකිල්ලක් යොදවන්න වෙනවා.විශේෂයෙන් ම ඔබගේ වේගය පාලනය සහ දුර  සිදුවන දේ නිරීක්ෂණය නිරීක්ෂණය වඩා වටිනවා.

කෙසේ වුවත් ලංකාව වැනි ඉතා කුඩා වපසරයක බොහෝ විවිධත්වයක් තියෙන පරිසරයක වාහන ධාවනය ඉතාමත්ම මනසට සැහැල්ලු වත් ඇති කරේ ඇතිකරනවා. විශේෂයෙන් ගම්බදව ඇති මාර්ග පද්ධතිය පසුගිය දශකයේ නවීකරණය වූ නිසා වාහන ධාවනය ඔබට සැප පහසු වගේම බුද්ධිමත් දෙයක් වන බව නිසැකයි.

පැවසිය යුතු තවත් කරුණක් වන්නේ ලංකාවේ මන්දගාමී වේග සීමාවක් ගැන මමත් දැනුවත් නොමැති නිසා, ඔබට වාහනය වේගය පිළිබඳ කරදරයක් නොවී න් ඔබට පහසු වේගයෙන් වටපිට නරඹමින් ගමන් කිරීමට හැකි. සමහර තදබදය අඩු  දවල් වල බොහෝ විට පුළුවන් මේ දියුණුවේ සම්මත රටවල බොහෝ විට බලාපොරොත්තු විය නොහැක්ක.   සැම කිලෝමීටරයක් ම ඔබට අලුත් ඇත දැකීමක් සපයන බව නොඅනුමනි.  මා  සිටින Nothern Territory හි නම් කිලෝමීටර් 300 ම හරිම එකා කාරී. සෑම කිලෝමීටරයක් ම විදින්න නම් ඔබ බටහිර තද කලා සටහනක නොසිටීම ඉතාම වැදගත්.

ලංකාවේ ගමනාගමනයේදී තරමක් ගැටලුකාරී අවස්ථාවලට ඔබ මුහුණ දුන්නත් මන්දගාමී ස්වභාවයම ඔබට වෙනසක් අවම මානසිකපීඩනයක් වේවි.වටපිට සිදුවන දේ බැලීමෙන් ලැබෙන තෘප්තියකුත් ම ළඟා කරනවා ඇත. හැම අතින්ම කාර් එකක් වැනි වාහනයක් භාවිතා කිරීම වඩාත් යෝගයි මට හැඟෙනවා. එසේනම් ලංකාවේදී හමුවෙමු. ආයුබෝවන්!

SEO SCORE %

58 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

0.57

Visitors liked the post