දත් මැදිය යුතු නිවැරදි වේලාව දන්නවාද ? Accurate times for brushing teeth

by | ජන. 6, 2024 | සෞඛ්යය | 0 comments

kanchana

kanchana

Author

දත් මැදිය යුතු නිවැරදි වේලාව ඔබ දන්නවාද ?

දිනකට දෙවරක් නිතිපතා දත් මැදීම කළ යුතු බව ඔබ හැම දෙනාම දන්නවා ඇති (brush teeth).
නමුත් දෙවරක් යනු දවසේ කුමන  නිවැරදි වේලාව  දැයි ඔබ දන්නවාද ?  (accurate times)

ඒවා නම්,

  1.  උදෑසන ආහාරය ගත් පසු
  2.  රාත්‍රියේ සියලු ආහාර ගැනීමෙන්  පසු නින්දට යෑමට පෙර වේ.

දත් මැදීම අත්‍යවශ්‍ය වන්නේ ඇයි ?

දත් කුහර සෑදීමට හේතු වන්නේ අප ගන්නා ආහාරයේ අඩංගු පෝෂක විශේෂයෙන් කාබොහයිඩ්‍රේට , බැක්ටීරියා මඟින් අම්ල බවට පරිවර්තනය කර දත් දිරාපත් කිරීමයි.

දත් වල පෘෂ්ඨයේ එකතු වන මැලියම්වල සිටින බැක්ටීරියා මඟින් පරිදන්ත පටක (දත් අවට ඇති පටක) විනාශ කිරීම නිසා පරිදන්ත රෝග (Periodontal Diseases) සෑදේ.

මේ හේතු නිසා අප ආහාර ගැනීමෙන් පසු ඒ මත බැක්ටීරියා ක්‍රියා කිරීමට ප්‍රථම දත් වල රැඳෙන ආහාර කැබලි සහ මැලියම් නිවැරදිව ඉවත් කිරීම සඳහා දත් මැදීම කළ යුතුයි.

උදෑසන දත් මැදිය යුත්තේ කුමන වේලවටද?

බොහෝ දෙනෙකු පුරුදුව සිටින්නේ උදෑසන අවදි වූ පසු උදෑසන ආහාර ගැනීමට පෙර දත් මැදීමටයි. 

නමුත් නිවැරදි පිළිවෙත නම් උදෑසන ආහාරය ද ගැනීමෙන් අනතුරුව දත් මැදීමයි. නැතහොත් නැවත ඔබ දත් මදින තුරුම දත් වල ආහාර රැඳීමත් මැලියම් බැඳීමත් සිදු වේ.

එබැවින් උදෑසන අවදි වූ පසු පිරිසිදු ජලයෙන් හොඳින්  කට සෝදා ආහාර ගෙන, ඉන්පසුව දත් මැදීමෙන් මුඛ රෝග වළක්වා ගත හැක.

රාත්‍රියේ දත් මැදිය යුත්තේ කුමන වේලාවට ද?

උදෑසන දත් මැදීමෙන් අනතුරුව රාත්‍රිය දක්වා මුළු දවස පුරාම අපි විවිධ ආහාර පාන පරිභෝජනය කරමු. 

නමුත් ඒ හැම අවස්ථාවකට පසුවම දත් මැදීම ප්‍රායෝගිකව අපට කළ නොහැක.

 ඛේටයේ ස්වභාවිකව අඩංගු වන බැක්ටීරියා මර්දන ක්‍රමෝපායන් වලින් යම් ආරක්ෂාවක් ලැබුණ ද මැලියම් යාන්ත්‍රිකව ඉවත් නොකරන තුරු  එම ආරක්ෂක යාන්ත්‍රණ ප්‍රමාණවත්  නැත

එසේම රාත්‍රියේ අප නින්දට ගිය පසු ඛේටය ස්‍රාවය වීම ඉතා අවම වීම හෝ සම්පූර්ණයෙන්ම නතර වීම සිදු වේ.

එවිට බැක්ටීරියා වලට එරෙහි ස්වභාවික ආරක්ෂක යාන්ත්‍රණ ද නවතී. බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට පහසු ම හා සුදුසු ම  වේලාව මෙයයි. 

නමුත් ඔවුන්ට ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපස්ථර, එනම් ආහාර කැබලි හා මැලියම්  අප ඉවත් කළහොත් අපට ලැබෙන ආරක්ෂාව කිහිප ගුණයකින් ඉහළ යයි.

සමහරු රාත්‍රියේ දත් මැදීමෙන් අනතුරුව නින්දට යාමට පෙර නැවත යම් දේවල් ආහාරයට ගනිති. එය තමන්ව ම රවටා ගැනීමකි. 

ඒ නිසා දිනපතා රාත්‍රී නින්දට යාමට මොහොතකට පෙර දත් මැද නිදා ගැනීමට පුරුදු විය යුතුය.

මේ යහපත් පුරුදු අනුගමනය කිරීමෙන් ඔබේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා ගැනීම අපහසු දෙයක් නොවේ.

Kavindra de Costa

SEO SCORE %

6 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

0.83

Visitors liked the post