අධ්‍යාපනය අපේ අනාගතයේ පදනමයි

by | අප්‍රේල් 19, 2022 | අධ්යාපන | 0 comments

Dilshani Raveesha

Dilshani Raveesha

Author

“ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයයි”-නෙල්සන් මැන්ඩෙලා

පුරාණ කාලයේ මිනිසුන් ගල් යුගයේ දී ගින්දර ද ගොවි යුගයේ දී පළමු රෝදය ද සොයා ගන්නා ලදී. එම නව සොයා ගැනීමේ සිට අධි බලැති න්‍යෂ්ටික තාක්ෂණය භාවිතා කිරීම දක්වාම වර්තමානයේ ලෝකය බොහෝ ආකාරවලින් වෙනස් වී ඇත. ලෝකය විශ්වීය ගම්මානයක් බවට පත්ව ඇත. එක බොත්තමක් මත එක් වරක් ක්ලික් කිරීමෙන් අතීතයේ සහ වර්තමානයේ මෙන්ම අනාගතයේ ඕනෑම දෙයක් අපට දැනගත හැකිය.

 මෙතරම් දුරකට ලෝකය වෙනස් කිරීමට වඩාත්ම වගකිව යුතු දෙය අධ්‍යාපනය මිස අන් කිසිවක් නොවේ.

අධ්‍යාපනය යනු සෑම දෙයකටම මූලික අවශ්‍යතාවය ලෙස සැලකිය හැකිය.අධ්‍යාපනය අපේ අනාගතයේ පදනමයි.

නමුත් ඊළඟ ප්‍රශ්නය සැබෑ අධ්‍යාපනය යනු කුමක්ද ??

🇸🇮 Janko Ferlič

පොත්වලින් ලැබෙන දැනුම අධ්‍යාපනය ලෙස සැලකෙන බව කෙනෙකුට සිතිය හැක. හෝ යම් කෙනෙකු ජීවිතය පුරාවටම ලබන විවිධ අත්දැකීම් අධ්‍යාපනය ලෙස සලකනු ඇතැයි සිතිය හැකිය. නමුත්,  සැබෑ අධ්‍යාපනය යනු අප කරන දේ, අප විශ්වාස කරන දේ, අප හැසිරෙන  ආකාරය යන සෑම ආකාරයකම මිශ්‍රණයකි.අප බලාපොරොත්තු වන දේ සහ අපගේ ජීවිතයේ අප සිතන්නේ කෙසේද සහ කුමක් ද යන්න ද ඊට අදාල වේ.  ඇත්ත වශයෙන්ම, මිනිසා ලෙස උතුම් මනසක් ඇති සත්වයන් වන අපට සුදුසු දේ තීරණය කිරීමට හැකි විය යුතුය ;විශේෂයෙන් ම කළ යුතු දේවල් සහ නුසුදුසු දේවල්.

බුදුරජාණන් වහන්සේ “යමෙකුගේ මනස යනු ඔවුන් කරන දේ සහ ඔවුන් හැසිරෙන ආකාරය යන සෑම දෙයකම මූලික අවස්ථාවයි” යනුවෙන් එය වදාළ සේක. එබැවින් අපගේ ජීවිතයේ සෑම ක්‍රියාවකටම සම්බන්ධ වීමට පෙර අපගේ මනස පාලනය කරගත යුතුය.

අපගේ මනස පාලනය කිරීමේ මූලික පදනම වන්නේ නිසි ලෙස මෙහෙයවනු ලබන අපගේ චින්තන රටාවයි. අපගේ ජීවිත කාලය පුරාම සෑම අත්දැකීමකින්ම අපි ජීවන පාඩම් උගනින්නෙමු. ප්‍රාග් ඓතිහාසික ජීවිතයේ සිට නූතන ජීවිතය දක්වා අපගේ අධ්‍යාපනයේ අවදි වීම ආශ්චර්යමත් ගමනකි.

ප්‍රාග් ඓතිහාසික මිනිසා හෝ නියැන්ඩර්තාල් මානවයා ලෙස අප පොදුවේ හැඳින්වූ මිනිසා කටු සටහන් අඳින්නට පුරුදුව සිටියේය.ගුහා වල බිත්ති මත, අපට තවමත් ඒවා දැකිය හැකිය. ඔවුන් දඩයම් කළ ආකාරය, පැළඳ සිටි දේ, ඔවුන් පවුලක් ලෙස හැසිරුණු ආකාරය, ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද, ඔවුන් සිතුවම් කිරීමට භාවිතා කළ සියලු දේ බිත්ති මත අපූරුවට සිත්තමට නගා ඇත. මෙය මුලින්ම උත්සාහ කළ පුද්ගලයා එය වැරදීමකින් සිදු කලා විය හැකිය. නමුත් එය පරම්පරාවෙන් පරම්පරාවට දියුණු වෙමින් දායාද වූයේ, මෙම ක්‍රමය භාවිතා කිරීමෙන් ඔවුන්ට බොහෝ දෑ අවබෝධ කර ගත හැකි වූ බැවිනි. එමගින් ඔවුන්ගේ මොලයේ සහ සිතට පැන නැගි බොහෝ දේ ප්රකාශ කළ හැකි වූ නිසාය. එතැනින් ආරම්භ වූ සම්ප්‍රදාය අද නවීකරණය වී ඇති අතර, අන්තර්ජාලයේ ක්ෂණිකව රූපයක් නිර්මාණය කිරීමට තරම් කාර්යක්ෂම වී ඇත. ඒ ඔවුන් ළඟා වී ඇති අධ්‍යාපනයේ ප්‍රගතිය නිසාය.

අපට දැනගන්නට අවශ්‍ය දෑ අන්තර්ජාල පහසුකම් මගින් ඉතා ඉක්මනින් දැනගන්නට හැක. සිතන්න මොහොතක්! අන්තර්ජාලය මිනිසා විසින් සාදන ලද්දක් නොවේද? මේ තරම් දැනුමක් ඇත්තේ කා හටද?  මෙතරම්  වටිනා අන්තර්ජාලය නිර්මාණය කිරීමට මිනිසා  හැර වෙන කිසිවෙකුට නොහැක. මිනිස් මොළයේ ප්‍රමාණය අපට මෙතෙකැයි කියා තක්සේරු  කළ නොහැක.

නමුත් අප සියලු දෙනා දන්නා අප සතුව පවතින, මෙලොව තිබෙන බලවත්ම ආයුධය අප සතු මොලය බව ඔබ දන්නවා ද? අප අපට ගැළපෙන දේවල්වල පමණක් නිරත වීමට අපගේ මොළය දැනුවත් කිරීම අවශ්‍යය කරුණකි. ඊට අවශ්‍ය සුදුසුකම අප නිසි අධ්‍යාපනය ලෙස හදුන්වන්නෙමු.

ශ්‍රී ලාංකිකයන් වශයෙන්, අපි අපේ පවුලේ සාමාජිකයන් සමඟ ඉතා සමීපව ආශ්‍රය කරමින් ඔවුන්ගේ ආභාසය ද ලබා ගත් නිසා නිසි මාර්ගෝපදේශනයක් සහිත  අධ්‍යාපනයක් ලබා ගැනීමට අපට හැකි විය.එම ආභාසය නිසා නිතරම  අප යමක් කිරීමට ප්‍රථම ව හොදින් සිතා මතා බැලිය යුතු බව උගෙන ගත් අතර, ජීවිත අභියෝග ජයග්‍රහණය කිරීමට හා ඒවාට මනා ව මුහුණ දීමට ද අප උගෙන ගත්තෙමු.

කුඩා කල සිටම අපි”ගමයි පන්සලයි; වැවයි දාගැබයි” යන උද්ධෘතයට ඉතා හුරුපුරුදු විය. එමගින් නිතර පන්සල හා  භික්ෂූන් වහන්සේලාගේ ඇසුර ලැබීමටත් දහම් අධ්‍යාපනය ලැබීමටත් අවකාශය පෑදිණි.

එම අධ්‍යාපනය ගණදෙවි නුවනින් ආරම්භ කර, සකස්කඩ, බුදුගුණාලංකාරය, ලෝවැඩ සගරාව දක්වා වර්ධනය විය.  බුදු දහමෙන් මනා හික්මුණු දැහැමි ආස්වාදයක් ලැබීමට එය මහඟු අවස්ථාවක් විය. එම අධ්‍යාපනය ඇසුරින් අපගේ ජීවිත සකස් කර ගනිමින් ඉදිරියට යෑමට ද,  දැහැමි ජීවිතයකට පුරුදු වීමට  ද අපට අවස්ථාව ලැබිණි.එතැනින් ආරම්භ වූ   ළමා කාලය, පාසල් අධ්‍යාපනය හරියාකාරව ලබා ගැනීමත් සමග තවදුරටත් අත්දැකීම්වලින් පරිපූර්ණ අයෙක් බවට පත් වීමට අඩිතාලම දැමීය. පාසලක් විවෘත කිරීමෙන් සිරගෙවල් දහස් ගණනක් වැසී යනු ඇත; යන්න වචනයේ පරිසමාප්තියෙන්ම සත්‍යයක් වේ.

වර්තමානයේ, අපට අධ්‍යාපනය ලැබීමට  බොහෝ ආධාර හා මෘදුකාංග  ඇති අතර තත්පර කිහිපයක් ඇතුළත අපට ඕනෑම දෙයක් වෙත ප්‍රවේශ විය හැකිය. නමුත්  අප අධ්‍යාපනය ලබා ගත්තද එය නිසි අධ්‍යාපනයක් බවට පත් කර ගැනීම පිලිබදව දැනුවත් විය යුතුය.

අප අන්තර්ජාලය භාවිතා කරන අතරේ අපට විශේෂයෙන් අවශ්‍ය දේ පමණක් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි දැනගත යුතුයි. අඩු වැඩි වශයෙන් ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක වාසි මෙන්ම අවාසි අප මනාව දැනගත යුතුය.  මෙම 21 ශතවර්ෂයේ, අපට සෑම දෙයක්ම පහසුවෙන් හා ඉක්මනින් ලබා  ගැනීමට වැඩි නැඹුරුවක් ඇති අතර, එය අධ්‍යාපනයේ එක් ප්‍රතිඵලයක් ලෙස අපට සැලකිය හැකිය. ක්‍රම ක්‍රමයෙන් දියුණු වන ලෝකයේ ඊට සුදුසු අයුරින් අධ්‍යාපනය ද නවීකරණය වෙමින්, ඒ හා සමානුපාතික ලෙස අධ්‍යාපන මෙවලම් ද නවීකරණයට ලක් විය.

 උදාහරණයක් ලෙස, මෙම covid-19 වසංගත තත්ත්වය තුළ,බොහෝ පාසල්වල සහ උපකාරක පන්තිවල පාඩම් ඉගැන්වූයේ අන්තර්ජාල පහසුකම් මගිනි. එසේ නොවේ නම්,සමස්ත  අධ්‍යාපන ක්‍රියාවලිය ම මග නතර වනු ඇත.

කෙසේ වෙතත් නූතන සමාජයේ අධ්‍යාපනය ප්‍රධාන තැනක් ගනී. එහි බලපෑම කෙතරම් ද යත්, වත්මන     පවතින මතය වන්නේ, ඉහළ පිළිගැනීමක් සහ සැලකිය යුතු මූලික වැටුපක්  ලබා ගැනීමට වඩා හොඳ අධ්‍යාපනයක් අත්‍යවශ්‍ය බවයි. වර්තමාන සන්දර්භය තුළ, එම  සංකල්පයෙහි එතරම් වරදක් නැත. ශ්‍රී ලංකාවේ ඉහළම වැටුප් ලබන රැකියා වන්නේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්  වැනි ඉහළම පිළිගත් රැකියා ලෙසට මතයක් පවතී.

එලෙස  වුවහොත් සෑම දෙමව්පියෙක්ම කැමති තමන්ගෙ දරුවා එවන් අයෙකු බවට පත් වනවා දැකීමටයි. දරුවා කුඩා කල සිටම දෙමාපියන් තම සිහින දරුවාගේ හිසෙහි වගා කළහ.බොහෝ අය තම සිහිනය සැබෑ කර ගන්නේ එසේ කිරීමට ඇති ආශාව නිසා වන අතර, ඔවුන්ගෙන් සමහරෙක් එසේ කරන්නේ තම දෙමාපියන්ගෙ බලවත් පෙරැත්තය නිසාය.එමගින් දරුවන් නොදැනුවත්ව ම මානසිකව පීඩාවට පත් වන අතර, එමගින් දරුවන් බේරා ගැනීමේ හැකියාව හා ශක්තිය  ඇත්තේ ද දෙමාපියන්ට පමණි.

 

 

      

                

            

ඇත්ත වශයෙන්ම, අධ්‍යාපනය අපගේ අනාගතයේ පදනමයි. නිසි අධ්‍යාපනයක් නොමැතිව අපට අපගේ සිහින සම්පූර්ණයෙන්ම ලගා කර ගත නොහැකි වනු ඇත.නුදුරු අනාගතයේ දී අහස ස්පර්ශ කිරීමට නම්, මූලික නිසි අධ්‍යාපනයක් අපගේ මූලික අවශ්‍යතා වලින් එකක් බවට පත් විය යුතුය.නූතනයේ  මුදල් ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇති අතර, මුදල් ඉපයීමට අධ්‍යාපනය ඉමහත් දායකත්වයක් ලබා දෙයි. අධ්‍යාපනය නියත වශයෙන්ම මුදල් පසුපස හඹා යන සමාජයේ  ප්‍රධාන මූලාශ්‍රවලින් එකක් වන්නේ එබැවිනි. උසස් අධ්‍යාපනය ලබා ගන්නා තරමට අප උසස් තනතුරු, පත්වීමි ආදියට ලගා වීමට සුදුසුකම් සපුරාලයි.

පාසලක, රෝහලක, හෝටලයක, ආයතනයක හෝ කඩයක පවා අනිවාර්යයෙන් ම අධ්‍යාපන සුදුසුකම් මත පදනම් වූ තනතුරු හා පත්වීමි බොහෝ ඇත.  එම තනතුරු හා පත්වීමි ද  බොහෝ විට තීරණය වන්නේ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම අනුවයි. එම ඉහළ තනතුරුවල සිටින බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් එම තනතුරු වලට පැමිනුණ  අයවලුන් වේ.

ඇත්ත වශයෙන්ම, ඔබ නූතන සමාජය ගැන වඩාත් දැනුවත් නම්, සමාජයේ අධ්‍යාපනය පිලිබද වර්තමාන  තත්ත්වය ඔබට වැටහෙනු ඇත. සමාජයේ බොහෝ නිර්ණායක අප සිතුවාට වඩා අධ්‍යාපනය මත රඳා පවතී.

සමාජය උසස් අධ්‍යාපනයක්  සහ අඩු අධ්‍යාපනයක් ඇති අයෙකුට මෙන්ම නූගත් පුද්ගලයෙකුටද සලකයි. නමුත් එහි පැහැදිලි සීමා මායිම් සහිත බව අපට හොදින් විමර්ශනයක යෙදුණහොත් පැවසිය හැක.

අප නිතරම මතක තබා ගත යුතු කරුණ වන්නේ, අපගේ මූලික ආරම්භය ආරම්භ වූයේ කොහෙන්ද  යන්නයි. එවිට අපට අපේ උත්සාහය සාර්ථක කර ගැනීමට ශක්තිය ද ලැබෙනු ඇත.

 

SEO SCORE %

63 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

0.00

Visitors liked the post