යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට …

by | නොවැ. 8, 2021 | සෞඛ්යය | 0 comments

Dilshani Raveesha

Dilshani Raveesha

Author

යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට…

කුඩා කල පටන්  මතුවන කිරි දතේ සිටම වැඩිහිටි වියේදී මතුවන ස්ථීර දත් ද අප මනාව ආරක්ෂා කර ගත යුතුය. සුන්දර  සිනහවක් පමණක් නොව, යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට පහසුවෙන් ලගා විය හැක. තවද මුඛ රෝග වළක්වා ගැනීමටත්, ඒවාට ප්‍රතිකාර  කිරීමට වැයවන මුදල් අවම කර ගැනීමටත් හැකිය. මනා මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අප කුඩා කල පටන් ම පුරුදු විය යුතුය. එය දිගු කාලීනව පවත්වා ගැනීමෙන් ඔබට නිතරගයෙන් යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට ලගා විය හැක.

යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට යාමේදී ඔබ දත් කුහර  ඇති වන ආකාරය දන්නේ ද? 

සමීක්ෂණ ප්‍රතිඵල

නිසි මුඛ සෞඛ්‍යයක් නොමැති කමින් මුඛ ලෙඩ රෝග ඇතිවීම පහසුවෙන් ම සිදු වේ. නූතන සමීක්ෂණයන්ට අනුකූලව, 2016 වනවිට ලෝකයේ ජනගහනයෙන් 40%ක ප්‍රතිශතයක් දත් කුහර වලින් පීඩා විදී.

 

caries spoiled tooth close-up photographed through dental mirror

දත් කුහරවල සමීප ජායාරූපයක්

 photo of istock

දත් කුහර ඇති වීමේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය

කුහර ඇතිවීමට ප්‍රධානතම හේතුව දත්වල දෘඩ පටක වන එනැමල් , ඩෙන්ටින් සහ සිමෙන්ති (enamel, dentine, cementum)  විවිධ  බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා දිරායාමට ලක් වීමයි. දත් මතුපිට ඇති ආහාර සුන්බුන් හෝ සීනි (glucose) බැක්ටීරියා ක්‍රියාකාරීත්වය හේතුවෙන් බිඳ දමයි. එහිදී  පටක හායනයට හේතුවන lactic acid නම් අම්ලය නිපදවයි. ආහාර වල ඇති සරල සීනි(glucose , galactose, fructose,sucrose, moltos) මෙම බැක්ටීරියා වල මූලික ශක්ති ප්‍රභවයයි. එම නිසා සරල සීනි අධික ආහාර ගැනීම අවදානම් සාධකයකි.

දත් ආරක්ෂා කරන saliva

දත් පටක හායනය අපගේ මුඛය තුල ඇති කෙල (saliva) වැනි ප්‍රභවයන්ගෙන් බොහෝ දුරට අවම කරමින් සමතුලිතතාවයේ පවතී. නමුත් සමතුලිතතාවයට හානි ආ විට දී,පටක දිරාපත් වීමේ ප්‍රවණතාව ඉහළ වේ.

Saliva අඩුවන ලෙඩ රෝග

කෙල (saliva) අඩුවීමට හේතු වන සාධක වලට සමහර රෝගී තත්ත්ව ද ඇතුළත් වේ. දියවැඩියා රෝගය, Sjögren syndrome සහ සමහර ඖෂධ ලෙස antihistamines සහ antidepressants ඇතුළත් වේ.

දත් දිරායන හේතු

දරිද්‍රතාවය, මුඛය නිසි පරිදි පිරිසිදු නොකිරීම සහ විදුරුමස් ඉවත් වීම නිසා දත් මුල් නිරාවරණය වීම වැනි හේතු සමඟත් සම්බන්ධ  වේ.

දත් කුහර ඇතිවීමේ අන්වීක්ෂීය සංසිද්ධිය

Scientist Works with Petri Dishes with Various Bacteria, Tissue and Blood Samples. Concept of Pharmaceutical Research for Antibiotics, Curing Disease with DNA Enhancing Drugs. Moving Close-up Macro

photo of istock taken by gorodenkoff

bacteriaමුඛ කුහරය තුල දත් කෙල (saliva)වලින් නිතරම ආවරණය වී පවතී. ඒ මත බැක්ටීරියා ආලේපනයක් ලෙසට තැන්පත් වී(biofilm) ඇත. මේ bio film හි වර්ධනය ආරම්භ වන්නේ enamel මත පෙලිකල් (pellicle) ලෙස හදුන්වන පටලය සෑදීමෙනි. පෙලිකල් යනු දත් ආවරණය කරන සෛලීය ප්‍රෝටීනමය පටලයකි. පෙලිකල් මතුපිටට ඇලීමෙන් බැක්ටීරියා දත් මත ජනපදයක් ලෙසට වර්ධනය වීමට පටන් ගනී. නමුත් කාලයත් සමග මෙය දත් මතුපිට කුහර ඇති කිරීමට සමත් (cariogenic) පරිසරයක් නිර්මාණය කරයි. දත්වල enamel, dentine සහ cementum වල ඛනිජ ලවණ remineralization සහ demineralization යන අනවරත ක්‍රියාවලියට භාජනය වේ. ඇත්ත වශයෙන් ම දත් කුහර ඇති වන්නේ මෙම ක්‍රියාවලි දෙක අතර සමතුලිතතාවයට හානි වීමෙනි. තවදුරටත් දන්ත  පටක තුළ ක්ෂුද්‍ර ජීවීන්ගේ සමබරතාවය බිද වැටීමෙනි ( symbiosis to dysbiosis).

දත් කුහර වර්ධනය වන අයුරු…

White Spots ඇති වීම

අලුත් දත් කුහරයක් ඇති වීමේ මුල්ම සලකුණ, දතේ මතුපිට හුණු ආකාරයෙන් ඇති වන සුදු පැහැති ලපයක් හෙවත් white spot ඇතිවීමය. White spot එනමලයේ ඛනිජ ඉවත් වීම හෙවත් demineralization වීමෙන් පසුව ඇතිවන ප්‍රදේශයක් වේ. කුහරය තවදුරටත් ඛනිජහරණය (demineralization ) වීමෙන් දුඹුරු පැහැයට හැරිය හැකි නමුත් අවසානයේදී එය කුහරයක් බවට පත් වේ. කුහරය සෑදීමට පෙර ක්‍රියාවලිය ආපසු හැරවිය හැකි (reversible) නමුත් කුහරයක් සෑදීමෙන් පසු නැති වූ දත් ව්‍යුහය නැවත උත්පාදනය කළ නොහැක.

එනැමල් සහ ඩෙන්ටින් කුහර

එනමලය (enamel) සහ ඩෙන්ටීනය (dentine) විනාශ වීමත් සමඟම කුහරය වඩාත් කැපී පෙනෙන ලෙස දර්ශනය වීමට පටන් ගනී. දත් පටක එලෙස දිරායාම එනමලය හරහා ඩෙන්ටීනය හරහා ගිය පසු, දතෙහි ඇතුලත ඇති ස්නායු ද නිරාවරණය වීමට පටන් ගනී. මෙමඟින් වේදනාව තාවකාලිකව උග්‍ර අතට හැරීමට ද හැකිය. මද හෝ ඉහල තාපය, සීතල , පැණිරස ආහාර සහ බීමවලට නිරාවරණය වීමෙන් තාවකාලිකව දත් කුහර වේදනාව නරක අතට හැරේ( reversible pulpitis). මෙසේ ක්‍රමයෙන් අධිකව අභ්‍යන්තර දිරා යාමට ලක් වී දුර්වල වූ දතක් සමහර විට සාමාන්‍ය ආහාර විකීමේදී සිදුවන බලයන් යටතේ හදිසියේ කැඩී යා හැක.

දතෙහි ස්නායු හානි වීම

එලෙස ක්‍රියා කරන බැක්ටීරියාවන්ට දතෙහි මැද ඇති ස්නායු අධික කලාපයක් වන පල්ප් පටක(pulp cavity) යටපත් කිරීමට ප්‍රමාණවත් හැකියාවක් ඇත.අධික දත් කැක්කුමක් ඇති විය හැකි අතර එම වේදනාව (irreversible pulpitis) නියත ව පවතී. ඒ අවස්ථාවේ පල්ප් පටක මිය යාම සහ බැක්ටීරියා ආසාදනයට ලක් වීම සාමාන්‍යයෙන් ඇතිවන ප්‍රතිඵල වේ.

අයහපත් මුඛ සෞඛ්‍යය හේතුවෙන් ඇති වන තවත් අහිතකර බලපෑම්… 

දත් දිරායාම නිසා මුඛයෙන් දුර්ගන්ධය ඇතිවීම (halitosis) සහ විවිධ අපිරිසිදු රසයන් ඇති වීම ද විය හැක. මෙම දත් කුහර මුල් අවස්ථාවේදී ම හදුනා ගෙන ප්‍රතිකාර කිරීම ආරම්භ කළ යුතුය.නැතහොත්  ආසාදනයන් දතෙහි සිට අවට පර්‍යන්ත මෘදු පටක (periodontal tissues ) දක්වා ම පැතිර යා හැකිය. එය තවදුරටත් සිදු වෙමින් පැතිරුණහොත්, ජීවිතයට ද බලපෑම් එල්ල විය හැකිය. සයින්ස් ත්‍රොම්බොසිස් (Sinus Thrombosis) සහ ලුඩ්විග් ඇන්ජිනා( Ludwig Angina) වැනි සංකූලතා ද ඇති විය හැකිය.

යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට යාමේදී දන්ත  සෞඛ්‍ය රැක ගැනීමට කල යුතු දේවල්…

ප්‍රථම ව  අපගේ මුඛය හැකි තරම් පිරිසිදු ව තබා ගැනීම කළ යුතුය. ඒ සදහා දිනකට දෙවතාවක් උදෑසන සහ රාත්‍රියට ආහාර ගැනීමෙන් අනතුරුව නිවැරදි ආකාරයෙන් දත් මැදීම කළ යුතුය.

 

(ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් මගින් දත් මැදීම)photo of istock taken by familyimages.

  • නිනිවැරැදි  දත් බුරුසුවක් තෝරා ගැනීම. මෙහිදී මූලිකවම අපට සුදුසු වන දත් බුරුසුවක් තෝරා ගැනීම කළ යුතුය.මුඛයේ ප්‍රමාණයට ගැලපෙන, හොදින් හැසිරවිය හැකි, කෙලවර මෘදු රවුම්  කෙදි ( bristles) සහිත හිසක්(head) , වයසට සහ හුරුකම අනුව සුදුසු ප්‍රමාණයේ මිටක් (handle)සහිත දත් බුරුසුවක් විය  යුතුය .බුරුසුවේ මිට යම් ප්‍රමාණයකට ආනත වීම (angled)වඩාත් සුදුසු වේ.
  • බුරුසු කෙදිවල සම්මත ප්‍රමාණය
    සාමාන්‍යයෙන් බුරුසු කෙදි 10-12mm ප්‍රමාණයේ දිගින් විය යුතුය.
  • බුරුසු හිසෙහි සම්මත ප්‍රමාණය සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක් සදහා බුරුසු හිසෙහි ප්‍රමාණය 22-28mm දිගින් යුතු විය යුතු අතර, 10-13mm පලලින් යුතු විය යුතුය.සාමාන්‍ය කුඩා දරුවෙකු සදහා එය දිගින් 15-20mm විය යුතු අතර, පලලින් 7-8mm ලෙස වෙනස් විය යුතු වේ.මෙම ප්‍රමාණ ඇතැම් සාධක මත වෙනස් විය හැකි අතර, ඊට අනුව බුරුසු ප්‍රමාණය ද වෙනස් කර ගත යුතු වේ.
    සම්මත බුරුසු ප්‍රමාණය වෙනස් විය හැකි අවස්ථාවන්.

    අවුරුදු හයක් වන තෙක්  ලමා දත් බුරුසුව හෙවත් junior brush භාවිතා කල යුතු වේ. අපගේ ස්ථීර දත් වර්ධනය වීම ආරම්භ වන වයස 6-9 අතර මිශ්‍ර දත් සහිත අවධියයි. (mixed dentition period)  එව්ට වැඩිහිටි  දත් බුරුසුවක් ගෙන එහි මිට දෙසින් පිහිටන කෙදි සහිත පේලි දෙකක් පමණ ඉවත් කල යුතුය.නව දත් බුරුසුවක් සාදා ගැනීම කළ යුතු වේ. අවුරුදු 9ට ඉහල දරුවන් හා වැඩිහිටියන් සදහා සාමාන්‍ය ඉහත කී ගුණාංග සහිත දත් බුරුසුවක් සුදුසු වේ.

    දත් බුරුසු මාරු කල යුතු කාලය.

  • දෙමසකට වරක් දත් බුරුසුව මාරු කර අලුත් දත් බුරුසුවක් භාවිතා කිරීමට පුරුදු විය යුතු වේ.
  • අධික ලෙස ගෙවී, නැමී ගොස්, පැතලි වී,  අක්‍රමවත්ව දෙපසට නැමුණු  කෙදි සහිත  දත් බුරුසු අනිවාර්යයෙන්ම මාරු කල යුතුමය.මන්ද එවන් බුරුසුවක් භාවිතයෙන් දත් මැදීම නිසියාකාරව හා කාර්යක්ෂමව  සිදු නොවන හෙයිනි.

    Electric tooth brushes

    වර්තමානයේ දී වෙළදපොලෙහි පවත්නා ඉලෙක්ට්‍රික් (electric brush) දත් බුරුසු ද ඔබට දැක ගත හැකිය. සාමාන්‍ය දත් බුරුසුවකට වඩා කෙදි වැඩිපුර ප්‍රමාණයක් එහි ඇත. එයින් යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට පහසුවෙන් යා හැක. ඉලෙක්ට්‍රික්  දත් බුරුසු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ටත්, විවිධ හේතූන් මත දත් මැදීම අපහසු රෝගී හෝ රෝහල්ගත පුද්ගලයන්ටත්, විවිධ මුඛ ආම්පන්න (orthodontic and prostho appliances) පලදින පුද්ගලයන්ටත් වඩාත් සුදුසු වේ. විවිධ වර්ගයේ විවිධ හැඩැති ඉලෙක්ට්‍රික් දත් බුරුසු වෙළද පොළෙහි දැන් පවතී. මනා ව පහසුවෙන් ග්‍රහණය කරගත හැකි මිටක්, පහසුවෙන් අවශ්‍ය ස්ථානයට ළගා විය හැකි හිසක් , සිනිඳු නම්‍යශීලී කෙදි සහිතය. Electric tooth brushes කාර්යක්ෂමව දත් අතර රැදී ඇති ආහාර කැබලි ඉවත් කරයි.

    Inter dental cleaning aids

    දත් අතර පිරිසිදු කිරීමේ කටයුතු සදහා භාවිතා කල හැකි උපකරණ (inter dental cleaning aids) ද වර්තමානයේ පවතී. එමගින් දන්ත සෞඛ්‍ය රැක ගැනීම තවත් පහසු කරවයි. දත් දෙකක් අතර ඉඩ ප්‍රමාණය පිරිසිදු කිරීමට inter dental brushes හා floss, super floss ගත හැක. දත් නොමැති විශාල ඉඩ ප්‍රමාණ පිරිසිදු කිරීමට single tufted/ end tufted brushes ද පවතී. ඊට අමතරව oral irrigation devices( water pricks) සහ tongue cleaners ද ඇත. තම අවශ්‍යතාව අනුව හා දන්ත වෛද්‍යවරයාගේ අනුමැතිය මත මේවා තෝරා ගැනීම සිදු කළ යුතු වේ.  නිවැරදි දන්තාලේපයක් තෝරා ගැනීම                                         

  • දෙවනුව දත් මැදීම සදහා යොදා ගන්නා දන්තාලේප වර්ගය ද ඉතා ම වැදගත් ය.එහි අනිවාර්යයෙන්ම ෆ්ලෝරයිඩ් (Fluoride ) අඩංගු විය යුතුමය.දත් කුහර වලක්වා ගැනීමටත්, ඒවාට ප්‍රතිකාරයක් ලෙසත් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිතා කල යුතුය. FDI සංවිධානයට අනුව 1000-1500 ppm සහිත දන්තාලේප වර්ගයක් භාවිතා කිරීම කල යුතුය.
  • පානීය ජලයේ අධික ෆ්ලෝරයිඩ් අඩංගු වුවද ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතා කල යුතුය.
  • පානීය ජලයේ ෆ්ලෝරයිඩ් අධිකව ඇති ප්‍රදේශ වලට ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප අවශ්‍ය නොවන බව අතීතයේ පැවසීය. නූතන  සාකච්ඡා වලින් අනතුරුව ඔවුන්ටත් ෆ්ලෝරයිඩ්  සහිත දන්තාලේප පාවිච්චි කිරීම අතවශ්‍ය බව සොයා ගන්නා ලදී.

වයසට අනුව භාවිතා කල යුතු දන්තාලේප ප්‍රමාණය. වයස අනුව භාවිතා කරන දන්තාලේප ප්‍රමාණය ද වෙනස් වේ.වයස  අවුරුදු 3ට අඩු දරුවන් සදහා කෙදි මත ඉතා කුඩා ආලේපනයක්(smear layer) වැනි දන්තාලේප ප්‍රමාණයක් ගත යුතුය. අවුරුදු 3-6 අතර දරුවන් සදහා කඩල ඇටයකින් භාගයක් වැනි ප්‍රමාණයක් ගත යුතුය. 6ට වැඩි දරුවන් හා වැඩිහිටියන් සදහා කඩල ඇටයක (pea size)ප්‍රමාණයක් භාවිතා කල යුතුය.

  • යහපත්  මුඛ සෞඛ්‍යයක් වෙතට  අනුමත දත් බුරුසුවක් හා දන්තාලේපයක් භාවිතයෙන් දවසට දෙවරක් උදෑසන හා රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව දත් මැදිය යුතුය. මුඛයේ රැදෙන ආහාර කැබලි හා බැක්ටීරියා ඉවත් කිරීමට දායකත්වයක් ලැබේ. මුඛය  පිරිසිදු වනවා පමණක් නොව, මුඛය තුල ඇතිවන දුර්ගන්ධය ද (halitosis)ඉවත් කිරීමට හේතුවේ.එමගින් යහපත් මුඛ සෞඛ්‍යයක් වෙතට පහසුවෙන් ලගා විය හැක.

SEO SCORE %

74 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

0.56

Visitors liked the post