දත් සුරැකුමට ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය.

by | දෙසැ. 1, 2021 | සෞඛ්යය | 0 comments

Dilshani Raveesha

Dilshani Raveesha

Author

 දත් කුහර සදහා ෆ්ලෝරයිඩ් චිකිත්සාව

 

දත් සුරැකුමට ෆ්ලෝරයිඩ්  ප්‍රතිකාරය ලබා ගත යුතු රෝගීන් කවුද ?

වෘත්තීයමය වශයෙන් දත් සුරැකුමට   ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය යොදාගැන්ම  දන්ත වෛද්‍ය විද්‍යාවේදී නිතරම  සාමාන්‍ය පදනමක් මත භාවිතා කරන්නක්  නොවේ.

රෝගියෙකුගේ දත් දිරාපත් වීමට ඇති ප්‍රවණතාවය පළමුව තීරණය කළ යුතු‍‍‍‍ය. මෙම තොරතුරු මත පදනම්ව එක් එක් පුද්ගලයා සඳහා සුදුසු  ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරයක් වෙනුවෙන්  සැලැස්මක් නිර්මාණය කළ යුතුය.

සක්‍රීය ලෙස දත් මතුපිට දිරාපත් වන රෝගීන් සහ ඉහළ දිරායාමේ අවදානම් කණ්ඩායම්වල සිටින රෝගීන් සඳහා මේ ෆ්ලෝරයිඩ් සත්කාරය නිර්දේශ කෙරේ.

දතෙහි සුමට පෘෂ්ඨ මත දිරාපත් වීමේ වැඩි අවදානමක් ඇති රෝගීන්ට ද මෙය නිර්දේශ කරයි. දත් මුල් මතුපිට දිරාපත් වීමේ වැඩි අවදානමක් ඇති රෝගීන්ටත් ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය නිර්දේශ වේ.

ඛේට ප්‍රවාහය අඩු හා විකිරණ ප්‍රතිකාර වලට ලක්වන විකලාංග රෝගීන් වැනි විශේෂ රෝගී කණ්ඩායම් සදහාත්  ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය නිර්දේශ කරයි.

ස්ථිර චාර්වක දත් මුද්‍රා තබා රැකිය යුතු නමුත් කළ නොහැකි දරුවන්ටත් මෙය සුදුසු වේ. ප්‍රශස්ත ෆ්ලෝරයිඩ් සහිත පානීය ජලය ඇති ප්‍රදේශවල වෙසෙන අඩු දත් දිරායාමේ සම්භාවිතාවක් ඇති රෝගීන් සඳහා මෙය නිර්දේශ නොකරයි.

 

 

 photo of istock taken by macrovector (ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් මගින් දත් මැදීම)

දත් සුරැකුමට ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය යටතේ ෆ්ලෝරයිඩ් වාර්නිෂ් 

යුරෝපයේ, මෙය වඩාත් බහුලව වෘත්තීයමය වශයෙන් යොදා  ගන්නා ෆ්ලෝරයිඩ් චිකිත්සාවයි.

වාර්නිෂ් වල වාසිය වන්නේ, එය ඉතා හොදින් දත් මතුපිටට ඇලී පැවතීමේ හැකියාවක් සහිත වීමයි. එමඟින් ෆ්ලෝරයිඩ් සහ එනමලය අතර සම්බන්ධතා කාලය දිගු වන අතර දතෙහි එනමල් මතුපිට ස්ථරවලට ෆ්ලෝරයිඩ් අවශෝෂණය වැඩි දියුණු කරයි.

නමුත් අසාත්මිකතා (allergies)හෝ ඇදුම( wheezing) ඉතිහාසයක් ඇති පුද්ගලයෙකුට වාර්නිෂ් භාවිතා කිරීම අයෝග්‍ය වේ. දැනට වාර්නිෂ් භාවිතයේ පොදු හෝ බරපතල අතුරු ආබාධ කිසිවක් වාර්තා වී නොමැත.

ෆ්ලෝරයිඩ් වාර්නිෂ් යෙදීම සඳහා ක්‍රියා පටිපාටිය

පලමුව කපු පුළුන්, කපු රෝල් හෝ වායු සිරින්ජයක් සමඟ දත් වලින් අතිරික්ත තෙතමනය ඉවත් කරන්න.එහිදී  දත් 100% වියළි තත්ත්වයට පත් වීම අවශ්‍ය  නොවේ. මන්ද යත්, යම් තෙතමනයක් පැවති විට  ෆ්ලෝරයිඩ් වාර්නිෂ් දත් සමඟ හොදින් ඇලී පිහිටයි.

ෆ්ලෝරයිඩ් ආලේප කරන තැටියකට( foam tray) වාර්නිෂ්  මිලි ලීටර් 0.5-1 ක් විසුරුවා හරින්න. මෙය සම්පූර්ණ දත් ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් විය යුතුය.

ඉවතලන බුරුසුවක් හෝ පුලුන් කැබැල්ලක් භාවිතයෙන් තුනී ස්ථරයක් ලෙස වාර්නිෂ් තැටියෙහි ආලේප කරන්න. සම්පූර්ණ දත් මතුපිට ආවරණය වන සේ ෆ්ලෝරයිඩ් ආලේප විය යුතුය.නමුත් දත් මතුපිට විශාල ප්රමාණයක් ලෙස ෆ්ලෝරයිඩ්  තබා නොගනී .

ඇතැම් විට අසාත්මිකතා ඇතිවීමේ අවදානම නිසා, විදුරුමස් පටක සඳහා වාර්නිෂ් යෙදීමෙන් හා ආලේප කිරීමෙන් වැලකිය යුතුය. ආලේපනය තත්පර කිහිපයකින් නිසියාකාරව සැකසෙන බැවින් ආලේප කිරීමෙන් පසුව  නැවතත්  වියළීම අවශ්‍ය  නොවේ.

ප්‍රතිකාර කිරීමෙන් පසු රෝගියාගේ මුඛය ආවරණය කල යුතුය.

ඉදිරි පැය හතර තුළදී ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය ලබාදුන් අයට දිය හැක්කේ දියර හෝ මෘදු ආහාර පමණි. දැඩි ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. රෝගීන් දවසේ ඉතිරි කාලය තුළ දත් මැදීමෙන් වැලකී සිටිය යුතු වේ. මෙය දත් ව්‍යුහයට ෆ්ලෝරයිඩ් අවශෝෂණය වැඩි දියුණු කිරීමට සමත් වේ.

ෆ්ලෝරයිඩ් වාර්නිෂ් සායනික යෙදීමේ දී එය ඵලදායී වීමට නම් නියමිත කාල පරාසයන් තුළ නැවත නැවත එය ආලේප කල යුතුය. යෙදීම් වාර ගනණ රෝගියාගේ අවදානම් මට්ටම මත රඳා පවතී.

මෙහි ෆ්ලෝරයිඩ් වාර්නිෂ් අවම වශයෙන් සෑම මාස 6 කට වරක්වත් යෙදිය යුතු බව සාමාන්‍යයෙන්  නිර්දේශ කරනු ලැබේ. එය දන්ත සෞඛ්‍යාරක්ෂකයෙකු හෝ පුහුණු සහායකයෙකු විසින් යෙදිය හැකිය.

සම්පූර්ණ ක්‍රියාවලියට එක් රෝගියෙකුට පවතින දත් ගණන අනුව මිනිත්තු  3-5 අතර කාලයක් ගතවේ.

photo of istock taken by macrovecto( දතෙහි පටක ආරක්ෂක මූලද්‍රව්‍ය )

දත් සුරැකුමට ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය යටතේ  ජෙල් සහ ෆෝම්

ෆ්ලෝරයිඩ් ජෙල් යෙදුම් භාවිතා කිරීම ඇමරිකා එක්සත්  ජනපදයේ සහ කැනඩාවේ බහුලව භාවිතා වේ. ෆ්ලෝරයිඩ් පෙණ යනු ජෙල් වලට සමාන මෑත කාලීන නිෂ්පාදනක් වේ.

නමුත් සායනික පරීක්ෂණ වලදී එහි සාර්ථකත්වය එතරම්  තක්සේරු කර නොමැත. ස්ටයිරෝෆෝම්  තැටිවල ජෙල් යොදනු ලැබේ.බහුලව භාවිතා වන ජෙල් 1.23% F ආම්ලික පොස්පේට් ෆ්ලෝරයිඩ් වේ.

ෆ්ලෝරයිඩ් ජෙල් යෙදීම සඳහා ක්‍රියා පටිපාටිය.

රෝගියාගේ මුඛය තුළ ආලේප කරන  මුඛ තැටි යොදා ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය  උත්සාහ කළ යුතුය. සමහර විට තැටි හදා ගැනීමට හෝ කැපීමට අවශ්‍ය විය හැකිය.

ක්‍රියා පටිපාටිය අතරතුර රෝගියා කෙළින් සිටුවිය යුතු අතර චූෂණ උපකරණයක් භාවිතා කළ යුතුය. ජෙල් යෙදීමට පෙර දත් වාතය මගින් වියළා ගත යුතුය.

දත් සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම සඳහා ප්රමාණවත් ජෙල් හෝ පෙන භාවිතා කළ යුතුය . නමුත් තැටියකට 2-2.5g හෝ තැටියේ පරිමාවෙන් 40% ට වඩා වැඩි නොවිය යුතුය. ඉහළ සහ පහළ තැටි වෙන වෙනම ඇතුල් කළ යුතුය.

ෆ්ලෝරයිඩ් විනාඩි 4 ක් යෙදිය යුතුය.තැටි ඉවත් කිරීමෙන් පසු රෝගියා විනාඩි 1-2 ක් බලා සිටිය යුතුය. ක්‍රියා පටිපාටියෙන් පසු අවම වශයෙන් විනාඩි 30 ක් වත් රෝගීන් සේදීම, කන්න හෝ බීම නොකළ යුතුය.

ෆ්ලෝරයිඩ් ජෙල් සායනික යෙදුම

ප්‍රතිඵලදායි බලපෑම් ලබා ගැනීම සඳහා මෙය සාමාන්‍යයෙන් අවම වශයෙන් සෑම මාස 6 කට වරක් යෙදිය යුතුය.

මෙහි දී ද ෆ්ලෝරයිඩ් අවශෝෂණය පිළිබඳ අධ්‍යයනයන් මත පදනම්ව මිනිත්තු 4 ක කාලයක් ආලේපනය සදහා  නිර්දේශ කෙරේ.

ෆ්ලෝරයිඩ් ශරීරගත වීම සහ විෂ වීම

ෆ්ලෝරයිඩ් යෙදීම  ඉතා ප්‍රවේශමෙන් කළ යුත්තේ අධික ලෙස ශරීරගත වීම සහ විෂ වීම සිදුවිය හැකි බැවිනි. මේ ෆ්ලෝරයිඩ්  ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීමේදී රෝගීන් සැලකිලිමත් විය යුතුය.

ජෙල් සමඟ සසඳන විට ෆ්ලෝරයිඩ් පෙන සමඟ ෆ්ලෝරයිඩ් ශරීරගත වීමේ අවදානම අඩු වේ. මන්ද එහි දී ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය සදහා යොදාගන්නා ප්‍රමාණය කුඩා ප්‍රමාණයක් වීමයි.

ෆ්ලෝරයිඩ් ආමාශ ආන්ත්‍රික මාර්ගයේ දී  වේගයෙන් අවශෝෂණය වන අතර කුඩා දරුවන් විශේෂයෙන් අවදානමට ලක් වේ. සමහර දරුවන්ට මෙම අත්දැකීම අමිහිරි වන අතර, කුඩා දරුවන්ට ඔක්කාරය  ඇති විය හැක.

වඩාත් සුලභ අහිතකර බලපෑම් ලෙස ෆ්ලෝරයිඩ් අධික ලෙස ශරීරගත වීම, ඔක්කාරය හා වමනය ඇති විය හැක. අධික ලෙස ශරීරගත වීම සහ විෂ වීම නිසා ඇතිවන මෙම බලපෑම් වලක්වා ගත හැකිය.

චූෂණ  උපකරණයක් ( suction tube)  භාවිතා කිරීම, රෝගියා කෙළින් හිදවීම මගින් එය අවම කර ගැනීමට හැක. තැටි ෆ්ලෝරයිඩ් මගින් අධික ලෙස පුරවා නොගැනීම සහ හොඳින් සවි කර ගැනීම මගින් ද මේ බලපෑම් අවම කල හැක.

SEO SCORE %

68 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

0.00

Visitors liked the post