මොකද්ද මේ “Analytical Thinking Skill” කියන්නේ?

by | සැප්. 9, 2023 | අධ්යාපන | 0 comments

Dewni Amaya

Dewni Amaya

Author

What is the Role of Analytical Thinking in a Business Analyst’s Career? emmamiah, 

 

මම හිතන විදියට බොහෝ දෙනෙකුට  අලුත් මාතෘකාවක් තමයි මේ Analytical thinking skillඑහෙමත් නැත්නම් විශ්ලේෂණාත්මක චින්තනය කියන එක. ඒත් ජීවිතය ජයගත්ත ගොඩක් අය මේ analytical thinking කියන දේ පිළිබඳව හරි හැටි අවබෝධයක් නැති වුණාට එයාලා එක සාර්ථකව  භාවිතා කරල තියෙනවා.

මේ විශ්ලේෂණාත්මක චින්තන හැකියාව තියෙන බොහෝ දෙනෙක් නීතිඥයන්, ගණකාධිකාරිවරුන්, කළමනාකරුවන්, විද්‍යාඥයන් වගේම ඉංජිනේරුවන් ලෙසත් ඔව්න්ගේ වෘත්තීන් වලින් ඉහළටම සාර්ථක වෙලා තියෙනවා.මේ අය බොහෝ වෙලාවට  යම්කිසි රටාවකට අනුව තමන්ගේ ජීවිතවලට එන ගැටලු විශ්ලේෂණය කරල එමගින් යම් යම් තර්කයන් නිර්මාණය කර ඒ  තුළින් ගැටලුව විසඳාගැනීම සඳහා හේතු සෙවීම සිදු කරනවා. ඒ අනුව ගත්තාම විශ්ලේෂණාත්මක චින්තන කුසලතාවය කියන්නේ එක්තරා ආකාරයක ප්‍රගුණ කළ හැකි කලාවක් කියලා කියන්න පුළුවන්.

ඒ වගේම මේ ඉහළ චින්තන හැකියාවක් ඇති බොහෝ පිරිස් තමන් වටා ඇති සෑම දෙයක් පිළිබඳවම ඉතාමත් කුතුහලයකින් කටයුතු කරන අතර සැමවිටම තමන් වටා ඇති සියලුම දේ තමන්ට ආවේනික වූ වෙනස්ම රටාවකට තේරුම් ගැනීමට උත්සහ කරනවා. ඉතින් ඔබත්, මම ඉහත සඳහන් කර ඇති වෘත්තීන් වලින් ඉහලටම යන්න ආසාවෙන් ඉන්න  කෙනෙක් නම් විශ්ලේෂණාත්ම චින්තන හැකියාව දියුණු කරගැනීම වඩාත් වැදගත් වේවි.

අද බොහොමයක් රැකියාවලට සම්මුඛ පරීක්ෂණ වලට අමතරව විශ්ලේෂණාත්මක චින්තන හැකියාව මැන බැලීම සදහාද වෙනම පරේශණ  යොදාගෙන තිබෙනවා. ඊට හේතුව සේවා ස්ථානයේදී නිවැරැදි නායකයෙකු වීමට වගේම නිවැරදි තීරණ ගැනීම සඳහාත් මේ කියන විශ්ලේෂණාත්මක චින්තන හැකියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු නිසයි.

නවතම සොයාගැනීම් වලට අනුව ඉදිරි වසර පහ ඇතුලත ලෝකයේ වඩාත් පිළිගැනීමක් ඇතිවන  හැකියා අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගන්නෙ විශ්ලේෂණාත්මක චින්තනය, තාර්කික චින්තනය හා ප්‍රශ්න නිවැරදිව විසඳීමේ හැකියාව යන අංශයයි. ඉතින් ඔබත් ඉදිරි වසර පහ ඇතුළත තමන්ගේ ජීවිතයට වටිනාකමක් අලුතින් එකතු කරගන්න කැමති, රාමුවෙන් පිට සිතීමට කැමති අයෙක් නම් විශ්ලේෂණාත්මක චින්තනය ප්‍රගුන කිරීම මගින් ඔබට ලෝකෙට අඩු ලෝකය විසින් හොයන පුද්ගලයෙක් බවට පත් වීමට පුළුවන්. ඔබත් ඉදිරියේදී රැකියාවක් අපේක්ෂා කරන්නෙක් නම් දැන් සිටම  විශ්ලේෂණාත්මක චින්තනය තමන්ගේ සුදුසුකමක් බවට පත් කර ගන්න පුලුවන්.

ජීවිතයේ යම් යම් තීරණ ගැනීමේදී විශ්ලේෂණාත්මක චින්තනය යොදා ගන්නෙ කොහොමද?

1. නිවැරදි තීරණ ගැනීම.

නිවැරදි තීරණ ගැනීම බොහෝ විට ඉතාමත් අපහසු කාර්යකි.නොයෙක් අවස්තා වල අපි ගනු ලබන තීරණ කෙරෙහි අපට නිශ්චිතවම වගකිව නොහැක.යම් යම් අවස්ථා වලදී අප ගනු ලබන තීරණ වැරදීමට ඇති සම්බාවිතවය වැඩිය. එවැනි අවස්ථාවක අප සැවොම තීරණ ගනු ලබන්නෙ මෙය සාර්ථක වෙයිදෝ නොවෙයිදෝ යන දෙගිඩියාවත් සිතේ තබාගෙනමය. නමුත් විශ්ලේෂණාත්මක චින්තනයට අනුව තීරනය ගැනීමට අවශ්‍ය සියලුම අංශ දෙස බලා එම තීරණය ගැනීමෙන් ලැබෙන ප්‍රතිපලය පිලිබදව සිතීම මගින් බොහෝ වෙලාවට අපට සාර්ථක තීරණ වලට එළඹිය හැක. උදාහරණයක් ලෙස යම් තීරණයක් ගැනීමට ප්‍රථම මෙයින් ලැබෙන ප්‍රතිපලය කෙබඳු වේදැයි උපකල්පණය කල යුතුය.එමෙන්ම එමගින් කාට හෝ හානියක් සිදුවන්නෙදැයි සොයා බැලිය යුතුය.

2. ඕනෑම ඈකාරයක ගැටළුවක් විසදීමට හැකි වීම.

විශ්ලේශනාත්මක චින්තනය මගින් අපට ගැටලුවක් දෙස බැලීම මගින් එය ඒ අකාරයෙන්ම දැකීමට සහ ඊට සම්බන්ද පිළිතුර කුමක්දැයි තීරණය කිරීමට තර්කනය භාවිතා කල හැක. එයත් බොහෝ විට හරස්පද ප්‍රෙහෙලිකාවක් විසදීමට සමානය.ඉහත සදහන් කල පරිදි හරස්පද ප්‍රෙහෙලිකා විසඳීම මගින් පිළිතුර හැර ගැටලුවට අවශ්‍ය සියලු දේ දැකීමට හැකිය. එමගින් අපිට පිළිතුර නිර්මාණය කර ගැනීමට හැකියාව පවතී.

3.හරස්පද ප්‍රහේලිකාවක් විසඳීමේදී

 හරස්පද ප්‍රෙහෙලිකා විසඳීමටද මෙම විශ්ලේශනාත්ම චින්තනය යොදා ගත හැක. බොහෝමයක් විදෙස් රටවල කුඩා ළමුන්ගේ චින්තන හැකියාව වර්ධනය කිරිම සදහා දෙමව්පියන් විසින් සිදුකරනු ලබන ක්‍රියාකරකමක් වන්නෙ හරස්පද ප්‍රෙහෙලිකා දිසදීමේ ක්‍රියාකරකමයි. එම ක්‍රියාකරකම මගින් වචන විශ්ලේශනය කරමින්, හෝඩුවවන් සොයාගනිමින්,ඒවා අනුපිලිවෙලට තැබීම මගින් ප්‍රෙහෙලිකාව තුල නැති පිළිතුරු සොයා ගැනීමට හැකි වේ. මෙම ක්‍රියාකාරකම කිරීම සදහා විශ්ලේශනාත්මකව සිතිය යුතු අතර මෙමගින් චින්තන හැකියාව වඩාත් ඔප්නන්වා ගත හැක.

4. අපරාධයක් විසඳීමේදී 

යම් කිසි අපරාධයක් විමර්ශනය කිරීමේදී  අපට විශ්ලේෂණාත්මක චින්තනය භාවිතයට ගන්න පුළුවන්.අපරාධයක් දෙස බැලීමේදී අපට සාක්ෂි රැස් කිරිමට සහ ඒ ඒ සාක්ෂි අතර සම්බන්ධතාවයක් හඳුනා ගැනීමට විශ්ලේෂණාත්මක චින්තනය උපකාරී වෙ.උදාහරණයක් ලෙස යම් කිසි මිනීමැරුමක දී,
“මෙම ඝාතනයට හේතුව කුමක්ද?”
” මෙම ඝාතනයට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ අභිප්‍රායන් මොනවාද?” යන්න සම්බන්දයෙන් තොරතුරු ගවේශනය කිරීමට මෙම චින්තන හැකියාව යොදා ගත හැක

5. රාමුවෙන් පිටත සිතීම

රාමුවෙන් පිටත සිතීම එසේත් නැත්නම් වෙනත් දෘෂ්ටි කෝණයකින් යමක් දෙස බැලීමට විශ්ලේෂණාත්මක චින්තනය මගින් හැකියාව ඇත.
මෙම රාමුවෙන් පිටත සිතීම යන සංකල්පය ඉතාමත් ප්‍රචලිත සංකල්පයක් වන අතර එමගින් සාමාන්‍යයෙන් නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය මනිනු ලබයි.
එය ප්‍රශ්න නිරාකරණය සදහා නව උපකල්පන පරීක්ෂා කිරිම, පැරණි ගැටලුවක් නැවත නිර්වචනය කිරීමෙන් හෝ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට, වෙනස්ම රාමුවකට ප්‍රශ්නයක් දෙස බැලීම රාමුවෙන් පිටත සිතීම ලෙස නිර්වචනය කල හැක.

මොකද්ද මේ විශ්ලේශනාත්මක චින්තනය කියන්නෙ? ඇයි අපි මේ සංකල්පය යොදා ගන්නෙ? හා මොකද්ද මෙ විශ්ලේශනාත්මක චින්තනයෙ තියෙන වැදගත්කම? යන ගැටලු වලට යම් තරමක් දුරට හෝ සාර්ථක පිළිතුරක් ලැබෙන්න ඇතැයි මම විස්වාස කරනවා.

විශ්ලේශනාත්මක චින්තනය යනු සාර්ථක ජීවිතයක් ගත කිරීම සදහා තිබිය යුතුම ඉතාම ප්‍රයෝජනවත් සංකල්පයකි.මෙ පිලිබදව ඉගේනීම තුලින් ජීවිතයේ අපට හමුවන විවිද ගැටළු වලට සාර්ථකව මුහුණදීමට හැකි වන අතරම තමන්ට හැකියාවක් ඇති සෑම අංශයකින්ම ඉදිරියටම යාම සදහා මෙම විශ්ලේශනාත්මකව සිතීමේ හැකියාව ප්‍රයෝජනවත් වෙ.එමෙන්ම වර්තමාමයේ සිටින හොරුන්ට, රැවටිලිකරුවන්ට හසු නොවී තමන්ගේ ජිවිතය සාර්ථකව ගොඩනගා ගැනීමටද මෙම හැකියාව උපකාරී වේ.

 

References
1.මොකද්ද විශ්ලේශනාත්ම චින්තනය කියන්නෙ?, ප්‍රවේශ දිනය: 2023.09.10
  What is analytical thinking?
2.නිර්මාණාත්මක චින්තකයන්ට ඉල්ලුමක් ඇත්තේ ඇයි? ප්‍රවේශ දිනය: 2023.09.10
  Why creative thinkers are in demand and how you can be one
3.විශ්ලේෂණාත්මක චින්තනය හා තාර්කික චින්තනය,  ප්‍රවේශ දිනය: 2023.09.10
  Analytical Thinking vs. Critical Thinking

දෙව්නි ගොඩගෙදර.

SEO SCORE %

67 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

1.86

Visitors liked the post