හරියටම උදේ 8.30ට බදුලු කෝච්චියට කොටුවෙන් නැග්ගේ මාස හතර පහක්ම කොන්ක්‍රීට් කැලේකට වෙලා ඉඳල එපාම වෙච්ච වෙලේක. වැකේෂන්... ඔව් මං ආසම කරන එකම දේ ඒක කිව්වොත් මං කීයටවත් වැරදි නෑ කියල මට තේරෙනවා… කැම්පස් එකේ එසයිමන්ට් අස්සෙ ලෙක්චර්ස් අස්සෙ හිරවෙලා ඉඳල හිත හරිම සැහැල්ලුවකට අරන් යන්න පුළුවන් එකම ගමන බදුලු කොච්චි ගමනම විතරයි.. පැය 12ක් ගියාට ඒක අර මාස හතර පහක් හිර කරන් හිටපු පට්ට ස්ට්‍රෙස් එකක් හරිම අමුතු විදිහට අයින් කරල දානවා.. ඒක බස් එකේ පැය 5ක් 6ක් ඉක්මනට ආවම දැනෙන් නැත්තෙ සමහරවිට මේ තනිකමට තනියම...

read more