යම්කිසි දෙයකට බිය වූ විට හෝ හොර වැඩක් කළ විට ඇතැමුන් දෑතින් මුහුණ වසා ගැනීම බොහෝ විට ඔබ දැක ඇති. නමුත් එමඟින් ඔහුට හෝ ඇයට සම්පූර්ණයෙන් සැඟවෙන්න පුළුවන් ද? නැහැ. මුහුණ වසා ගත්තත් සියලු දෙනාට ඔහුව පෙනෙයි. වෙස් මුහුණක් පැළඳීම ත් මීට බොහොම සමානයි. මක් නිසා ද එය පළඳින්නේ මුහුණට පමණයි. එමඟින් සිදුවන්නේ විපර්යාසයක් (transformation). වෙස් මුහුණු පිළිබඳ සාකච්ඡා කිරීමේ දී එය ඉතා පුළුල් පරාසයක විහි දී තිබේ. රටින් රටට වෙනස්වන විවිධාකාරයේ වෙස් මුහුණු ඇති නමුත් මෙයින් අවධානය යොමු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෙස් මුහුණු කලාව පිළිබඳවයි.
south indian mask with art full ear; https://bit.ly/3p6gR7f, Japanese Traditional Tengu, Hannya Masks Set. NOH-MEN made in Japan; https://bit.ly/3mcmqix, Traditional African Masks; https://bit.ly/32bM9Ak, Mask Porcelain Female Free Photo; https://bit.ly/3Fas5wX, Sri Lankan traditional Fire Devil masks to sell at a store near the road; phuongphoto
(ලෝකයේ විවිධ රටවල ඇති සාම්ප්‍රදායික වෙස් මුහුණු කිහිපයක්)
සියවස් ගණනාවකට එපිටින් වූ එක් කාලයක ජීවත් වූ මහා සම්මත නම් රජ කෙනෙකුගේ මැණික්පාල වූ බිසව ගැබ්ගත් අවස්ථාවක කෙළි සෙල්ලම් සහ නැටුම් දැකීමේ දොළ දුකක් ඇති වී තිබේ. රජු දොළ දුක සංසිඳවීමට කොපමණ උත්සාහා ගත්ත ත් ඒ සියලු දේ ගඟට කැපූ ඉණි මෙන් ඵල රහිත විය. මෙය දුටු සක් දෙවියා මේ ආරංචිය විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට සැළ කිරීමෙන් අනතුරුව වෙස් මුහුණු භාවිතා කරමින් නර්තනය දැක්විය යුතු ආකාරය පිළිබඳ තොරතුරු මහා සම්මත රජුගේ රාජකීය උද්‍යානයේ තබා තිබේ. ඒ අනුව රඟ දැක් වූ නර්තන හරහා කෝලම් නාට්‍ය කලාව හා බැඳුණු වෙස් මුහුණු කලාව බිහිව ඇති බවට විශ්වාස කෙරේ. මීට අමතරව රාම-රාවණා යුද්ධයේදී ද වෙස් මුහුණු යොදාගත් බවට විශ්වාසයන් පවතී.
ලොව පළමු රාජ්‍ය නායකයා “මහා සම්මත මනු රජු”; sakwithiravana.blogspot.com
(ලෝකයේ පළමු පාලකයා ලෙස මෙරට ජනප්‍රවාදයේ එන මහා සම්මත රජුගේ වෙස් මුහුණක්)
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෙස් මුහුණු තැනීමේ දී ප්‍රමුඛ අවධානය යොමු වන්නේ දැව වර්ගවලටයි. නමුත් ඒ සඳහා සෑම දැව වර්ගයක් ම යොදා ගන්නේ ද නැත. දිගුකල් පැවැත්ම, සැහැල්ලු බව, නිර්මාණයට හා පැළඳගෙන නර්තනයට ඇති පහසුව යනා දී සියලු කාරණා සළකා බලා ‘වෙල් කදුරු’ නම් දැවය මේ සඳහා යොදා ගැනේ. පුරාවෘතවලට අනුව වෙස් මුහුණු උපතේ දී, මැණික්පාල බිසව ඉදිරියේ රඟ දක්වා ඇත්තේ සඳුන් දැවයෙන් කළ වෙස් මුහුණු පැළඳීමෙනි. නමුත් එවැනි දැවයක කැටයම් කැපීම ඉතා දුෂ්කර කාර්යයක් වන අතර දැවයේ වටිනාකම ත් එක් වූ පසු වෙස් මුහුණ ඉතා මිලාධික වේ. වෙනත් රටවල ලී වර්ගවලට අමතරව ලෝහ, සම්, වැල්, මත්ස්‍ය ඇටකටු යනාදිය ද මේ සඳහා යොදා ගෙන තිබේ. වෙස් මුහුණු නිර්මාපකයා ‘ගුරුන්නාන්සේ’ හෝ ‘සිත්තරේ’ යනුවෙන් හැඳින්වෙන අතර වෙස් මුහුණු නිර්මාණය ප්‍රධාන පියවර කිහිපයකි.
- ගණ කැපීම – දැව හොඳින් ශුද්ධ කර කැබලි කර ගැනීම
- පාඩම් සෑහීම – ගැට සහිත කොටස් ඉවත් කර පැතලි කර ගැනීම
- කිරි හිඳවීම – දැවයේ කිරි ගතිය ඉවත් කිරීමට, පදම් කර ගැනීමට හා දිගුකල් පැවැත්ම තකා දුමේ තැබීම
- වට්ටම් කැපීම – අවශ්‍ය ප්‍රමාණයට සකස් කර ගැනීම
ඇතැම් වෙස් මුහුණු එක් ලී කොටයකින් කපා ගැනීමට හැකි වුව ත් රාජ, රාක්ෂ, යක්ෂ වැනි වෙස් මුහුණු කැපීමේ දී ලී කොට වෙන වෙනම කපා එකට එක් කරයි. එමෙන් ම මුහුණුවල රැවුල්, හිසකෙස්, දත් ආදිය ද වෙනම එක් කරයි. වෙස් මුහුණක් නිර්මාණය කිරීමේ දී ඒ එක් එක් මුහුණ වෙනස් ආකාරයට කැටයම් කිරීමට පැහැදිලි හේතු සාධක සපයා ගැනීම අපහසු ය. වසර දස දහස් ගණනක් තිස්සේ ඔවුන් රැගෙන එන විශ්වාසයන්, පරිසරය ත් සමඟ ඔවුන්ගේ සබැඳියාව මත එය රඳා පවතිනවා විය හැකිය. පුරාණයේ බොහෝ විට වෙස් මුහුණු ආශ්‍රිත අංග ඉදිරිපත් කෙරුණේ රාත්‍රී කාලයේදී ය. එම නිසා ඒවායේ වර්ණ සංයෝජනය එකළ පැවති ආලෝකකරණයට උචිත විය යුතු විය. කිරිමැටි හා මකුළු පස්වලින් සාදා ගත් ‘අල්ලියාදු’ නම් සුදු පැහැති මිශ්‍රණය පළමුවෙන් ම වෙස් මුහුණෙහි ආලේප කර වියළා ගනී. ‘දොරණ තෙල්’ ආලේපනය ද වෙස් මුහුණු සඳහා බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන අතර, එම නිසා රාත්‍රියේ පන්දම් එළි මුහුණට වැටුණු පසු දීප්තියක් ඇති කරයි. වර්ණ ගැන්වීමේදී ද පැරැන්නෝ ‘ගුරු ගල්, හිරි ගල්, අඟුරු, මකුළු පස්, ලාඩප්පා කොළ, බෝවිටියා මල්, කීකිරිඳිය, ඛනිජ වර්ග’ ආදි ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කර ඇත. චරිතවල දේහ ලක්ෂණ, වයස, සමාජ තත්වය, ස්ත්‍රී පුරුෂභාවය, මන:කල්පිත හෝ යථාරූපි බව මත වර්ණ ගැන්වීම සිදු කරයි. එහි දී,
- රාජකීයයන් හා ප්‍රභූන් – ළා රතු, තැඹිලි, සුදු, කහ
- සාමාන්‍ය වැසියන් – අළු, දුඹුරු වැනි අඳුරු වර්ණ
- අතිමානුෂ චරිත – රතු, කළු, දුඹුරු
- මිත්‍යා චරිත – රතු, සුදු, කහ
යනා දී ලෙස වර්ණ සංයෝජනය කරයි.
Medicinal Plant of Sri Lanka; https://www.apeosupela.com/, ග්ලිරිසීඩියා සේපියම්; https://bit.ly/3sbwgFd
(වෙස් මුහුණු වර්ණ ගැන්වීමට යොදාගත් ස්වාභාවික අමුද්‍රව්‍ය)
Carved wood dance masks of Sri Lanka; Michele Burgess, Traditional Sri Lankan Wooden Masks “Vesmuhunu”; https://bit.ly/3dYvqTJ, ලංකාවේ වෙස් මුහුණු සහ කෝලම් මුහුණු – ‘ලියනාරච්චි කෝලම’; ලලිත් කරුණාරත්න
(චරිතවල ස්වභාවය අනුව වෙස් මුහුණු වර්ණ ගන්වා ඇති ආකාරය)
වර්තමානයේ දී මෙන් නොව අතීතයේ දී මෙරට වෙස් මුහුණු නිර්මාණය කිරීම දේව කාරියක් ලෙස නිර්මාණකරුවා සිතුවේ ය. මුහුණක් නිර්මාණය කිරීම කාලය බොහෝ සෙයින් මිඩංගුවන කර්තව්‍යයක් නිසා අලසකමක් දැනීම ද පුදුමයට කරුණක් නොවේ. ‘ඇඹුම් කවි’ නිර්මාණය වී ඇත්තේ මෙවැනි අවස්ථාවල ඔවුන්ට ජවයක් හා ප්‍රබෝධයක් ලබා ගැනීම සඳහා ය.
“සිඟිති මුව මුදුනේ
දෑලේ මකරු දෙදෙනේ
එ මැද නාරි වරුනේ
කියන මේ සැටි සුරඹ වරුනේ”
මානව විද්‍යාඥයන්ට අනුව වෙස් මුහුණුවල අරමුණු, වර්ණ සංයෝජනය, ඒවාට පාදක වී ඇති විශ්වාස හා සංකල්ප, වෙස් මුහුණු නැටුම්වල ව්‍යූහය ආදී කරුණු නිසා ගෝත්‍රික හා ග්‍රාමීය පමණක් නොව නාගරික ජනතාව තුළ ද වචනයෙන් විස්තර කළ නො හැකි බැඳීමක් වෙස් මුහුණු සමඟ ඇත. ‘මිරිස්ස, අම්බලන්ගොඩ, කොළඹ කෙූෟතුකාගාරය, හොරණ, අලුත්ගම, බෙන්තර’ ආදී ප්‍රදේශවල, මෙරට ඉතා දුර්ලභ ගණයේ වෙස් මුහුණු තැන්පත් කර ඇත. මීට අමතරව ‘ස්වීඩනය, ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව’ ආදී විදේශ රටවල කෞතුකාගාරවල ද ශ්‍රී ලංකාවට අයත් ඉතා වටිනා, දුර්ලභ ගණයේ වෙස් මුහුණු එකතූන් ඇත.
AMBALANGODA SRI LANKA; efesenko, Ambalangoda; Sri Lanka Airport Tours & Taxi, P5/6 African Mask Plans; EXPRESSIVE ARTS, PRIMARY 5/6, SOCIAL STUDIES
(වෙස් මුහුණු නිර්මාණය කිරීමේ අවස්ථා)
ශ්‍රී ලංකාවේ ‘සන්නි, මනුෂ්‍ය, යක්ෂ, රාක්ෂ, දේව, සත්ව, කෝලම්’ ආදී වශයෙන් භාවිතාවන වෙස් මුහුණු වර්ග කිහිපයකි. කෝලම් වැනි ජන නාටකවලදී ද රිද්දි යාගය, ගරා මඩුව, දහඅට සන්නිය, දෙවොල් මඩුව වැනි ශාන්තිකර්ම අවස්ථාවලදී ද ඒවා බහුලව භාවිතා කරයි. සමාජයේ විවිධ ස්ථරවල ඇති චරිතවල අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා උපහාසයට ලක් කිරීම, විශේෂයෙන් පැවති යටත්විජිත පාලනයේ පීඩාකාරි බව කෝලම් නාට්‍ය හරහා පෙන්වා දෙයි. එම නිසා එම වෙස් මුහුණුවලින් මූලිකව ම හාස්‍ය රසය ජනිත කරයි.
Mudali Kolam Mask; https://bit.ly/3se21NL, Traditional Sri Lankan Wooden Masks “Vesmuhunu”; https://bit.ly/3dYvqTJ, Kolam, Masked Folk Theatre; https://bit.ly/3q7O6WK, ලංකාවේ වෙස් මුහුණු සහ කෝලම් මුහුණු – ‘හේවායා’; ලලිත් කරුණාරත්න
(ශ්‍රී ලංකාවේ කෝලම් වෙස් මුහුණු)
රාක්ෂ වෙස් මුහුණු නිවෙස්වල තැබීමෙන් සියලු ඇස්වහ කටවහ දෝෂ පහ වී වාසනාව හා ආරක්ෂාව උදාවන බවට ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරයි.
Naga Raksha Mask; https://bit.ly/3GMKbFD, Ginidella Raksha (Fire) Mask; https://bit.ly/33Abvsw, Mayura Raksha Mask (peacock) – Blue; https://bit.ly/33Abvsw, Gurulu Raksha – Bird Devil Mask; https://bit.ly/3mb30KR
(ශ්‍රී ලංකාවේ රාක්ෂ වෙස් මුහුණු)
මේවාට අමතරව බහුල වශයෙන් වෙස් මුහුණු යොදා ගන්නේ දහඅට සන්නිය නම් ශාන්තිකර්මයේදීය. වසංගත, ප්‍රේත හා භූත බැල්ම නිසා ඇතිවන රෝග, උන්මාදය, ආමාශගත රෝග, සෙම් රෝග, නපුරු සිහින පෙනීම ආදි වූ මෙකී නොකී සෑම උපද්‍රවයක් සඳහා ම සෙත් පතා දහඅට සන්නිය පවත්වයි. එමෙන් ම අනෙකු ත් වෙස් මුහුණු මෙන් සන්නි මුහුණු නිවාස ආශ්‍රිතව තබා ගැනීමෙන් ද නිවැසියන් වැළකී සිටී.
Sanni Masks ❤️ දහ අට සන්නිය; https://bit.ly/3mcuqAd, Golu Sanniya mask, 19th century, Sri Lanka; https://bit.ly/3GVi3QX, Masters of Craft; https://bit.ly/3GSO1Ns
(ශ්‍රී ලංකාවේ සන්නි වෙස් මුහුණු)
බෞද්ධාගමික පසුබිමක් මත ගොඩ නැගුණු මෙරට සංස්කෘතිය තුළ බුදුන් වහන්සේ හෝ එතුමන්ගේ අනුගාමිකයන් නිරූපණය කෙරෙන වෙස් මුහුණු දැකිය නො හැක. මෙයට ආසන්නතම හේතුව ලෙස දැක්විය හැක්කේ මෙරට වෙස් මුහුණු යක්ෂ හා රාක්ෂ ඇදහිලි සමඟ සෘජුවම සම්බන්ධ වී තිබීමයි. ථේරවාද බුදු දහමේ ඉගැන්වෙන ආකාරයට බුදුන් වහන්සේ මාර පුත්‍රයන් වූ යක්ෂයන් දමනය කරන ලදි. එම අවස්ථාව කිසිසේත් රඟ දැක්වීමකින් ඉදිරිපත් කළ නො හැක. එමෙන් ම මෙරට භික්ෂූන් වහන්සේලාට වුව ත් වෙස් මුහුණු පැළඳ රඟ දැක්වීම සුදුසු නොවේ. නමුත් ජපානය, කොරියාව, තිබ්බතය ආදී රටවල මෙම තත්වය හාත්පසින් ම වෙනස්ය. වෙස් මුහුණු පැළඳ ගන්නා භික්ෂූන් වහන්සේලා විවිධ පෙරහැර හා උත්සව අවස්ථාවල දී රඟ දැක්වීම් සිදු කරයි. ඊට අමතරව ජපානයේ විහාරස්ථානවල ශුද්ධ වස්තූන් ලෙස වෙස් මුහුණු තැන්පත් කිරීම ද සිදු කරයි.
Buddhist Monks In Masks For The Performance Of The Dance Of Tsam In The Tibetan Monastery; Mari_Ilona
(ටිබෙට් දේශයේ භික්ෂූන් වහන්සේලා වෙස් මුහුණු පැළඳ නර්තනයේ යෙදෙන අවස්ථාවක්)
වර්තමානය වනවිට අභාවයට යමින් පවතී. මීට බලපා ඇති එක් ප්‍රධාන සාධකයක් වන්නේ අමුද්‍රව්‍යවල ඇති හිඟ බවයි. වෙරළ ආශ්‍රිතව, දියපාරවල්, ඔයවල් හා කුඹුරු ආසන්නයේ මෙහි ප්‍රධාන අමුද්‍රව්‍යවන කදුරු ශාකය බහුලව දැකගත හැකි වුව ත්, එහි ඇති අධික විෂ සහිත බව හා වෙනත් කිසිම කාර්යයකට භාවිතා කිරීමට ඇති නොහැකියාව නිසා වර්තමානයේ දී ඒවා ඉවත් කිරීමට උත්සාහා ගනිමින් සිටි. එම නිසා වෙස් මුහුණු නිර්මාණකරුවෝ දැඩි අභියෝගයකට මුහුණ පා සිටිති. එය සංචාරක ආකර්ෂණයට ද මරු පහරකි. කදුරු ලීයට අමතරව රුක්අත්තන ශාකය ද භාවිතා කිරීමට හැකි නමුත් එය ඉතා ඉක්මනින් කෘමි උවදුරුවලට ලක් වේ. නමුත් කදුරු ශාකයට එවැනි උවදුරුවලින් කොරව වසර 300ක් පමණ සුරැකිව සිටිය හැකි ය. නරඹන්නාට ආශ්වාදයක් හා ආතුරයාට සෙතක් ශාන්තියක් ලබා ගැනීමට හැකිවන පරිදි වෙස් මුහුණක් නිර්මාණය යනු දීර්ඝ ක්‍රියාවලියක ප්‍රථිඵලයකි. මීට වසර ගණනකට පෙර දී එම කර්මාන්තය මතම යැපෙමින් අඹු දරුවන් පෝෂණය කිරීමට හැකියාවක් පැවතිය ද වර්තමානයේ සිදුවන සමාජ ආර්ථික විපර්යාස නිසා වෙස් මුහුණු නිර්මාණය අඩු වී තිබෙනවා මෙන්ම ඒවායේ තත්වය ද බාල වී ඇත. වෙස් මුහුණක කාලය ගණනය කිරීම ද තරමක් දුෂ්කර කාර්යයකි. මේ නිසා ඇතැම් කැටයම්කරැවන් වෙස් මුහුණු අලුතින් තනා පැරණි බව හැඟවීමට දුම් ගසා හෝ අලුතින් වර්ණ ආලේප කොට අලෙවි කරයි. අනෙක් අතට ලංකාවේ පෞරාණික වෙස් මුහුණු සංරක්ෂණයට නිසි වැඩ පිළිවෙළක් නො මැත. යොදා ගන්නා අමුද්‍රව්‍ය නිසා ඒවා විනාශ වීමට ඇති අවස්ථා බහුල වේ. නමුත් ජපානය සහ මෙක්සිකෝව වැනි රටවල ඇතැම් දැවමය වෙස් මුහුණු පූර්ව ශීලා යුගයට අයත් වුව ත්, තවම ත් නොනැසී පවතින්නේ ජාතික උරුම ලෙස ඒවාට දක්වන සැළකිල්ල මත ය. මෙරට ශේෂව ඇති හා විදේශ රටවල තැන්පත් කර ඇති මෙරට වෙස් මුහුණු සසඳා බලන විට විදේශයන්හි වෙස් මුහුණු තවමත් ඉතා සුරක්ෂිතව පවතී. ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කෞතුතාගාරය 1987දී ජර්මන් තානාපතිවරයා විසින් විවෘත කර තිබූව ත් වර්තමානය වනවිට ඊට සැළකිය යුතු අනුග්‍රයක් ලැබෙනවා ද යන්න සැක සහිත ය. තායිලන්තයේ, ජපානයේ හා නැගෙනහිර ඉන්දියාවේ රාජකීයයන් වෙස් මුහුණුවලට හා ඒ ආශ්‍රිත නර්තනාංග සඳහා මහඟු දායකත්වයක් ලබා දී ඇත. එමෙන් ම තායිලන්ත රජ පවුලේ වෙස් මුහුණු කැපීමට සුප්‍රසිද්ධ කුමාරවරුන් පවා සිට ඇත. මෙවැනි හේතු නිසා මෙරට වෙස් මුහුණු කලාව ශීඝ්‍ර පසුබෑමකට ලක් වී ඇත. එම නිසා එකී කර්මාන්තය නගා සිටුවීමට විවිධ ක්‍රමෝපායන් භාවිතා කළ හැක.
පෞඪ ඉතිහාසයක් සහිත මෙරට වෙස් මුහුණු කලාවේ සුරක්ෂිත අනාගතයක් දැකීමට අවශ්‍ය වේ නම්, ඒ පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමක් සිදුවිය යුතුම ය. ආරම්භයක් වශයෙන් පාසල් අධ්‍යාපනයෙන් එය සිදුකළ හැකි ය. සාම්ප්‍රදායික වෙස් මුහුණක් සියැසින් නො දුටු දරුවන් බොහෝමයක් අප අතර ඇත. කුඩා කළ සිටම ඔවුන්ට මෙහි ඇති වැදගත්කම පෙන්වාදීම වැඩිහිටියන්ගේ වගකීමකි. එමෙන් ම තාක්ෂණික විද්‍යාල, කාර්මික විද්‍යාල හරහා වෙස් මුහුණු නිර්මාණය පිළිබඳ විශේෂ පාඨමාලා ආරම්භ කරමින් මෙම ක්ෂේත්‍රයට නවකයන් යොමු කරවීම ද සිදුකළ හැකිය. සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින්, අතමිට සරුකර ගැනීමට මෙය ඉතා කදිම මාර්ගයකි. විදෙස් සංචාරකයන්ගෙන් ද වෙස් මුහුණු මිලදී ගැනීමට ඇත්තේ දැඩි ඉල්ලුමකි. එම නිසා සංචාරක ආකර්ෂණය බහුලව පවතින හෝටල් ක්ෂේත්‍රයෙන් ද වෙස් මුහුණු ප්‍රවර්ධනයට සහයෝගයක් ලබාගත හැකි ය. මීට අමතරව නව තාක්ෂණය, වෙස් මුහුණු කර්මාන්තය හා බද්ධ කිරීමෙන් ද එහි උන්නතියට කටයුතු සැලසිය හැකි ය. එහි දී සමාජ මාධ්‍ය ජාලා බොහෝ සෙයින් උපයෝගී කරගත හැකි ය. එමෙන් ම නාට්‍ය, චිත්‍රපට වැනි කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවලට වෙස් මුහුණු බද්ධ කරමින් එය ඉදිරියට ගෙන යා හැකි ය. සුවිශේෂී කරුණ වන්නේ වෙස් මුහුණු කලාව සංවර්ධනය කිරීමේ දී වාණිජ දෘෂ්ටියෙන් පමණක් ඒ දෙස නොබලා සම්ප්‍රදාය රැක ගැනීම පිළිබඳව ද අවධානය යොමු කරලීමයි. වෙස් මුහුණක් යනු සාමාන්‍ය සැරසිල්ලක් නොව මෙරට අනන්‍යතාවය ලොවට ප්‍රදර්ශනය කළ හැකි අමිල වූ කලා කෘතියකි. එම නිසා එය රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමක් මෙන් ම යුතුකමකි. මූලාශ්‍රයයන්
- Imantha, U. (2018 12 මස 17 වැනිදා). රට වටා වාරිකා-කදුරු ගසෙන් උපන් කලාව-වෙස් මුහුණු. https://shamikaimantha.blogspot.com/2018/12/blog-post.html වෙතින් ලැබුණි
- ඇම්.එච්.ගුණතිලක, ආ. (n.d.). කෝලම් නාටක සහ ලංකාවේ වෙස් මුහුණු (තෙවන මුද්‍රණය ed.). Sri Lanka: රත්න පොත් ප්‍රකාශකයෝ.
- දිල්හාරා, ශ. (2020, October 9). Retrieved from https://shashinidilhara.blogspot.com/2020/10/blog-post.html