එක් ගීතයක්

by | මැයි 30, 2023 | විචාර | 0 comments

sadali samarasinghe

sadali samarasinghe

Author

සිරීපාදේ වන්දනවන්න හිස ඔලියල් බැඳලාසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවාකිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලාසිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
ඇතෙක් වගේ තනිමංසල බයක් නැතුව යන්නයිකොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයිසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි
සිරීපාදේ වන්දනවන්න …
ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයිවී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයිසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි
සිරීපාදේ වන්දනවන්න…
මා කුඩා කල සිටම මෙ ගිතය අසා තියෙනවා වගෙම මට මතකයි අම්මා මෙ ගිතය අපට ඇහෙන්න කියනවා එත් මන් කුඩා කලසිටම මෙ ගිතයත් එක්ක තරහකින්  සිටියෙ මොකද මෙ ගිතයෙ සදහන් කරලා තියන “පුතා” කියන වචනෙට එ මගෙ සහොදරයා වෙනුවෙන් මෙක කියනවා කියලා හිතලා, එදා එ දෙය මගෙ පුංචි සිතට කා වැද්දිලා තිබ්බ දෙයක් නිසාත් “දුව” කියන වචනය මෙහි සදහන් කරලා නැති නිසාත්. මෙ ගිතය මා උසස්පෙල ලියන කල්ම මා අකමැති ගිතයක් වෙමි.නමුත් මා උසස්පෙල ලියන්න පංති යනකොට එක පංතියක අපට ඉගැන්නු ගුරුබවතෙක් මෙ ගිතයෙ වටිනා කම ගැන මුල සිටම අපට පැහැදිලි කර දුන්නා . එදා සිටම මා මෙ ගිතයට බොහො ආශා කරමි.සමහර ගුරුවරුන් පුන්චි දෙ වලින් හරි අපෙ ජිවිතෙට පුචිපාරක් හරි කපනවා අපෙ ජිවිත යහපත් කර ගැනිම සදහා.
මෙ ගිතයෙ මුල සිටම අන්තිම දක්වා ලියවිලා තියෙන්නෙ අම්මාකෙනෙක්ට තම දරුවෙක් ලබාගැනිමට ඇති බලාපොරොත්තුව ගැන විශෙශයෙන්ම මා දකින කොනයට අනුව නම් පුතෙක් ලැබෙන්න කියා ඉල්ලන ආයචනයක්.
ඉස්සර කාලෙ ඉදන්ම තාමත් මතයක්  තියන දෙයක් තමා පුතාලා ගොඩක්ම ආදරෙ අම්මලාට ,තාත්තලා ගොඩක්ම ආදරෙ දුවරුන්ට කියලා.මෙ කියමන ඇත්තක් නොවුවත් අම්මලා පොඩිම හරි විශෙශයක් කරනවා කියලා මට හිතෙනවා තමන්ගෙ පුතාලට.එවගෙම මන් අහලා තියන දෙයක් තමා දුවරු සියයක් හිටියත් වැඩක් නැ එක පුතෙක් නැත්තම් කියලා.මෙ  ගිතය ඇහෙද්දි මට  හිතෙනවා එ කතාව සත්‍යක් කියලා.මෙ ගිතයෙ පලවනි කොටසෙම අම්මාගෙ ප්‍රාර්තනව සිරිපා දෙ ගිහිනුත් , එ තැනදි ඉල්ලනෙ පුතෙක්ව.
සිරීපාදේ වන්දනවන්න හිස ඔලියල් බැඳලාසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවාකිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලාසිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
මෙම ගිතයෙ පලවනි කොටසෙන් අදහස් වන්නෙ  මෙ  අම්මට සිරිපාදෙ එක්ක යන්න පිරිමි පුතෙක් නැ කියන එක වගෙම එහෙම එක්ක යන්න පුතෙක් ලැබෙන්න කියන ප්‍රාර්තනයයි.  මෙහි පලවනි  පදයෙ සදහන් “හිස ඔලියල් බැඳලා”  කියන වචනයෙ අදහස වන්නෙ කුඩා පුතෙක්ව පලවනි පාරට සිරිපාදෙ ගෙනියන්නෙ එ පුතාගෙ හිසහි ජටාවක් බැදලා මෙහෙම හිසහි ජටාවක් බදිනවා ඇත්තෙ සිතලෙන් පින්නෙන් ආරක්ෂාවිමටයි
ඇතෙක් වගේ තනිමංසල බයක් නැතුව යන්නයිකොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයිසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි
ගිතයෙ මෙ කොටසෙ තමා මට දැනෙන විදිහට මෙ ගිතයෙම  තෙජවන්ත කම තියෙන්නෙ මොකද ගෙදරක පුතෙක් ඉන්නවා කියන්නෙ ශක්තියක් වගෙම අම්මකෙනෙක්ට තාත්තා කෙනෙක්ට ඔනම කරදරයකදි බයක් නැතිව මුන දෙන්න පුලුවන් පුතෙක් සිටියාම.
ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයිවී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයිසිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි
මෙ කොටසෙ අර්තය වෙන්නෙ පිරිමි ලමයෙක් කියන්නෙ පවුලකට හයියක් එවගෙම තමා ඔන ප්‍රශ්නයක ආවත් මුන දෙන්න වගෙම හැම බරක්ම කරට ගෙන වැඩ කරන්න පුලුවන් කෙනෙක් මෙ ගිත කොටසෙ පලවනි පෙලියෙන් කියවෙන්නෙ එය ගැන වගෙම දෙවනි කොටසෙන් කියැ වෙන්නෙ, ඉස්සර කාලෙ එ කියන්නෙ මිට අවුරුදු 20කට 30 කට වගෙ කලින් බොහෝමයක් නිවෙස්වල ගොවිතැන් කටයුතු කරපු කාලයක් මෙ ගොවිතැන් කරන්නෙ නිවෙස්වල ගොවි මහත්වරු ඔවුන්ගෙන් පස්සෙ ගොවි පුත්තු ඉතින් පුතෙක් ලැබුනොත් ගෙදර අයට බව බොගවලින් ඉතිරි යන වග මෙහි අදහස් වන්නෙ වගෙම එහෙම පුතෙක්  ජිවිතයක් ජිවිතෙට ලැබෙන්න කියන ඉල්ලිම ,ප්‍රාර්තනයයි.
අපෙ හිත් ඇතුලෙ අපි නොදන්නා තැන්වලට සමහර ගිතවලට ලංවෙන්න පුලුවන්.සිරීපාදේ වන්දනවන්න කියන ගිතයත් මා නිතරම ඇසුවත් මාව අතරමන් කරන ගිතයක්.
රත්න ශ්‍රී විජේසිංහ මහතා මෙ ගිතයෙ රචකයා වන්නෙ මෙතුමා මෙහි පුතා ලෙස ගෙන ඇත්තෙ දුව කු හො පුත කු ලාබදෙන ඉල්ලිමක් පරිද්දෙන්. එවගෙම මෙහි සංගිතය නිර්මාණය කර ඇත්තෙ ගුණදාස කපුගේ මහතවිසින්වගෙම ගිතය ගායනා කරන්නෙ නිරංජලා සරෝජිනී මහත්මිය විසිනි.
ගිතයක අර්තය නොදැන අප ගිත කොච්චර ප්‍රතික්ශෙප කරනවා ඇතිද ඇත්තටම එ ගිතවල ඇතුලට රින්ගලා බැලුවිට තමයි තෙරෙන්නෙ එ ගිතවල ලස්සන.කිසිම දවසක අසන්නට අකැමැතිම ගිතයක් මා එ ගිතයට ඇබ්බැහි වුනෙ එ ගිතය ඇතුලට ගිහින්.එතරම් ගිතයෙ මෙ ගිතයෙ රස මා හදවතින්ම විදිනවා.ඔබටත් පුලුවන් ගිත ගැන ඔබ අහන්න අකමැති ගිත ලග නැවතිලා ඔබගෙ රසබාවයන් සොයාගන්න.
නිමි.

SEO SCORE %

63 / 100

Meeting the SEO Criteria

SCROLL DEPATH

Scroll Depth Score Tracking

Up to which amount visitors have gone through the content

NEW SEASSIONS

1

New visitors actively enganged with the content

LIKE COUNT %

0.37

Visitors liked the post